Skip to main content

Posts

Showing posts from 2013

ජීවන සාර්ථකත්වයට ඔබට උදවු කරන්න PARTHA.(PARTHA-to help you to have a successful life)

දිනක් හසරක් නැතිව ඇවිදමින් සිටි මිනිසෙකුට ශබ්දය ක් ඇසුණි. පළමුව අපැහැදිලි වුවත් ක්‍රමයෙන් ඔහුට එය හොඳින් ඇසෙන්නට ගත් අතර එම ස්ත්‍රී කටහඬ PARTHA! PARTHA! යනුවෙන්කෑ ගසනු ඔහුට ඇසුණි. ජීවිතයට අළුත් ආරම්භයක් ගැනීමට. ගත් ආරම්භය වඩාත් ඵලදායි කර ගැනීමට. ගෙවන ජීවිතයට වඩා වැඩි අර්ථයක් එක් කර ගැනීමට ඇය පැවසූ   මෙම ක්‍රමය ඉතා වැදගත් වනු ඇත. සැබැවින්ම PARTHA යනු... P ositive thinking- ධනාත්මක චින්තනය A im- අරමුණ R estrains- හික්මීම T raining- පුහුණුව H ard work- දැඩි කැපවීම A b iding interest- ස්ථිර උනන්දුව   Positive thinking- ධනාත්මක චින්තනය සෑම ගසක්ම බීජයකින් හටගන්නේ යම් සේද සෑම සාර්ථක කතාවක්ම ආරම්භ වන්නේද ධනාත්මක චින්තනය නැමැති බීජයෙනි. සාර්ථකත්වය වනාහි මහා ඈතක පවතින්නා වූ දෙයක් නොවේ. එය මේ මොහොතේද ඔබ තුල සැගව පවතී. ගසක් වැඩීමට බීජය අවශ්‍යය යම් සේද, රථයක් පණ ගැන්වීමට ඉන්ධන අවශ්‍යය යම් සේද ඔබ සාර්ථකත්වය කරා යෑමටද ඔබගේ චින්තනයට පණ දිය යුතුය. ඒ සඳහා * සාර්ථක පුද්ගලයන් ඇසුරු කිරීම, * සුභවාදී ආකල්ප ඇති කර ගැනීම, * යහපත් මානුෂීය සබඳතා ඇතිකර ගැනීම, * ඔබගේ සාර්ථ...

ගුර්බාක්ෂ් චහල්-පාසල් නොගොස් මිලියනපතියෙක් වන අයුරු.(Gurbaksh chahal-the millionare who forgot schooling)

1982 දී උපන් ගුර්බාක්ෂ් චහල් ඇමරිකාවට සංක්‍රමණය වූ පංජාබ් ජාතිකයෙකි. වයස 16 දී පාසල් ගමනට සමුදෙන චහල් මාස 18කින් ඇ.ඩොලර් මිලියන 40ක් වටිනා ව්‍යාපාරයක් තැනුවේය. උපාධියක් තියා සහතික පතක් වත් නොමැතිව 1998දී තම ගමන ඇරඹූ චහල් 2010 අප්‍රේල් මස 29 දින පේස් විශ්ව විද්‍යාලයෙන් වාණිජ විද්‍යාව උදෙසා පිරිනමන්නා වූ ගෞරව අචාර්ය උපාධියකින්ද පිදුම් ලැබුවේය. යොව්න් ජවය පිළිබඳවත් හීන සැබෑ කර ගැනීම පිළිබඳවත් අපට කියා දෙන්නට මේ මිනිසා තරම් සුදුස්සකු තවත් නොවේ.  1982 ජුලි 17 වන දින අව්ටාර් සින්ග් සහ අර්ජින්දර් චහල් යන මා පියන්ට දාව ගුර්බාක්ෂ් චහල් පංජාබයේදී මෙලොව එලිය දුටුවේය. සෑම දෙමාපියෙක්ගේ සේම චහල්ගේ දෙමාපියන්ගේද සිහිනය වූයේ චහල්ට වඩාත් හොඳ අධ්‍යාපනයක් සේම ඔහුගේ ජීවන තත්වය වඩාත් හොද තත්වයකට පත් කිරීමයි. එය පංජාබයේදී එතරම් පහසු නොවන වග වටහාගත් මාපිය දෙපල කළේ 1985 ඇමරිකානු රජය විසින් පිරිනමන ග්‍රීන් කාඩ් ලොතරැයියට අයදුම් කිරීමයි. දරුවාගේ වාසනාවට මෙන් ඔව්න් එයට සුදුසුකම් ලැබූ අතර චහ ල් ට අවුරුදු 4කට ලබන 1986 අවුරුද්දේ ඔවුන් ඇමරිකා එකසත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන් ජෝස් හි පදිංචි...

ප්‍රශ්න වලට එරෙහිව ඔබ... (You against Problems)

ප්‍රශ්න වලට එරෙහිව ඔබ... ප්‍ රශ්න එන තරමට ඔබව ශක්තිමත් වනු ඇත. ඒවාට තමාගේ ශක්ති ප්‍රමාණයෙන් මුහුන දීමටත් තම ශක්තිය මදි යැයි හැඟෙන විට එය වර්ධනය කර ගැනීමටත් තමා උත්සහවන්ත විය යුතුය.                                               මුහුදේ සිටින නැවියෙකුට කිසිදා අත් හැරිය නොහැක. ඔහු අත් හැරියහොත් නැවේ සිටින මිනිසුන්ද, යාත්‍රාවද විනාශ වී මුහුදු බත් වනු ඇත. ඔබද එසේමය... ඔබ අත්හැරියහොත් ඔබ වටා සිටින අයද ඔබට ආදරය කරන අයද කඩා වැටෙනු ඇත. ඔබේ ජීවන යාත්‍රාවද විනාශ වී යනු ඇත.                                සෑම අයෙක්ම මෙලොවට සුජාත වේ. කිසිවෙකුත් පරාද වීමට හෝ විනාශ වූ මූසල ජීවිතයක් ගත කිරීමට උපදින්නේ නැත. එබැවින් ඔබ උත...

දුගී පැලේ ඉපිද බිලියනපතියෝවූ යුරොපීයයන් 10 දෙනෙක්...

සමහරෙක් පැල්පත් වලද, තවකෙක් මධ්‍යම පාන්තික පවුල් වලද ඉපදිනි. නමුත් සිත කීවේ මෙය ඔබේ තැන නොව කියාම බැවින් ඔවුන් දිරි ගත්තේය. පළමු පියවර තැබුවේය, දෙවන පියවරද තැබුවේය, වැරදෙන තැන් හදාගත්තෙය, තෙවන පියවරද තැබුවේය. තමා යන්නේ නිවැරදි මග බව දැනගත් කල තටු විහිදුවේය පැල්පතේ සිටි පොඩි කොල්ලෝ කාලයත් සමග ඔව්න්ට සරදම් කල දෛවයට සරදම් කිරීමට තරම් ශක්තිමත් විය. මේ එවන් දස දෙනෙකි.     01)අ(ර්)මන්සිඕ ඔ(ර්)ටේගා ගඕනා. ස්පාඤ්ඤ ජාතික ව්‍යාපාරික අ(ර්)මන්සිඕ ඔ(ර්)ටේගා ගඕනා Zara, Massimo Dutti, Tempe, Pull, Bear සහ Bershka යන විලාසිතා මැදුරු වල හිමිකරුවාය. 1972 දී ආරම්භ කල ඔහුගේ පළමු ව්‍යාපාරය වූයේ නාන තුවා නිර්මාණය කරන ආයතනයකි. දැනට ගඕනාගේ වත්කම $46.6බිලියන වේ. 02)ඉන්ග්වාර් කම්ප්‍රාඩ් වයස 14දී තම අසල්වාසීන්ට ගිනි කූරු විකිණූ කම්ප්‍රාඩ් තමා ඉපදුනු කුඩා නගරයේ විටක මාළුද විටක නත්තල් සැරසිලිද විටක පෑන් පැන්සල්ද විටක නොයෙක් ඇට ජාතිද විකිණුවේය. ඔහු පාසලේදී දැක්වූ විශිෂ්ට දක්ෂතාවය වෙනුවෙන් ඔහුට පියාගෙන් ලැබුනු මුදල් මෙම කුඩා කොලුවාගේ ජීවිතයම වෙනස් කලේය. එම මුළු මුදලම යොදවා IKEA නම් තමාගේම ව්‍යා...

ඔබ පරාජිතයෙකු නොවන බවට ඔබ සිතම දෙන සාක්ෂි 3ක්!

ජයග්‍රහණයත් පරාජයත් අතර ඇත්තේ සිතිවිල්ලක පරතරයකි.  ඔබ ඔබ විසින්ම තනා ගත් වැට කඩුළු, සීමා මායිම් , තාප්ප වලින් ඔබ දැනට එක තැන සිරවී පල් වෙමින් පවතී නම්, එම වැට කඩුළු බිඳ ඉන්ද්‍රඛීලයක් සේ නැගිට හමන මාරුතය කෙතරම් චණ්ඩ වුව ඒ සියළු බාධක විනාශකර තමාගේ උතුම් ඌ ජීවන අරමුණ සාක්ෂාත් කරගැනීමට අවැසි ශක්තිය ඔබ තුල පවතින්නාවූ බවට අප සෑම කෙනෙකුගේම හදවත දෙන්නාවූ හෘද සාක්ෂියයි මේ.   01)ඔබ අතීතයේ ජයගෙන ඇත.   ඔබ අතීතයේ යමක් ජයගත් මොහොතක්,යමෙකු ඔබට ප්‍රශංසා කල මොහොතක් හෝ ඔබට ඔබ ගැන ආත්ම අභිමානයක් දැනුනු අවස්ථාවක් ගැන සිතන්න. ඒ අවස්ථාවට සිතින් යන්න. එහිදී ඔබේ සිතට දැනුනු හැගීම්, ඔබෙ හදවතේ ගැස්ම වැඩිවූ අයුරු,අන් අය ඔබ දෙස බලා සිටි අයුරු, එවිට ඔබට දැනුනු අභිමානය,  ඔබට ඔබ ගැන දැනුනු සතුට සිතින් විඳින්න. ඔබ කෙතරම් නම් ශක්තිමත්ද? ඔබ තුල කෙතරම් නම් විභවයක් පවතීද? ඔබ කෙතරම් නම් විශේෂද?                                 ...

ඔබ නොදන්න විශ්මිත කරුණු 10ක්... (10 bizzare facts you havent heard of)

අප පෘථවිය බොහෝ විශ්මිත වූ නිර්මාණයන්ගෙන් යුක්තය. ඒ අතරින් සමහර ඒවා අප අවට පරිසරයේම තිබුනත් ඒවා අප ඇසට හසු නොවේ. සමහරෙක් ඒවා විශ්ලේෂනය කිරීමෙන්ම දත යුතුය. කෙසේ වුවත් පහතින් දැක්වෙන්නේ එවන් විශ්මිතවූ      කරුණු 10 කි... 01)එළුවාගේ කළු ඉංගිරියාව සෘජුකෝණාස්‍ර හැඩයක් ගනී. 02)මිනිසෙකු ජීවිත කාලය පුරාම රැවුල නොකැපුවහොත් ඔහු මැරෙන විට රැවුලේ දිග අඩි 30ක් වේ.   03)ලයිටරය සොයා ගැනුනේ ගිනි කූර සොයා ගැනීමට ප්‍රථමයෙන්ය.   04)නිල් තල් මසෙකුගේ හදවත VW බීට්ල් රථයක් තරම් විශාල වේ.   05)පෘථවිය සෑදී ඇති අංශු අතර හිස් අවකාශ නොතිබුනි නම් පෘථවිය බේස් බෝලයක් තරම් වේ.   06)ලොව මේ තාක්කල් ජීවත්වූ සියලුම මිනිසුන් ගෙන් හරි අඩක ප්‍රමාණයක්  මැලේරියාව නිසා මැරී තිබුනි.   07)වරක් චාලි චැප්ලින් "චාලි චැප්ලින් ලුක් අලයික්ස්" නම්  ඔහුව    අනුකරණය කරන තරගයකට සහභාගී විය, විශ්මිතම දෙය නම් ඔහු තේරුනේ තෙවන ස්ථානයටයි. 08)මුහුදු මංකොල්ලකරුවන් එක් ඇසක් ආවරණය කර ගෙන සිටින්නේ අඳුරේදී වසා සිටින ඇසෙන් වඩා හ...

ශක්තිමත් සිත් ඇති මිනිසුන් නොකරන දේවල් 13ක්...

අප සියලු දෙනා ශ්‍රේෂ්ඨ යැයි සම්මත මිනිසුන් කොටසක් ඔවුන්ගේ වියෝවෙන් වසර සිය ගණනකට පසුව වුව ඉමහත් භක්තියෙන්. හද පිරි ගෞරවයෙන් සිහිපත් කරනු ලබයි.ඔවුන් මෙතරම් ශ්‍රේෂ්ඨ වූයේ කෙසේද? පහතින් දැක්වෙන්නේ එවන් ශ්‍රේෂ්ඨ යැයි සම්මත මිනිසුන් තුල පැවති පොදු ගුණාංග කිහිපයකි...   01) ඔවුන් ඔවුන්ටම අනුකම්පා කරගනිමින් කාලය නාස්ති නොකරයි.   සිදුවූයේ කුමක් උවත්, අන් අය ඔව්න්ට සැලකුවේ කෙසේ උවත් ඔව්න් ඒ පිලිබඳවම සිතමින් කල් නොමරයි. ඒ වෙනුවට ජීවිතයේ සැම විටම සතුටම නොපවතින බව වටහාගන්නා ඔවුන් නින්දා ප්‍රශංසා නොතකා තමාගෙන් ඉටු විය යුතු යුතුකම් දැන හැඳින ඒ වෙනුවෙන් ඔවුන්ගේ මුලු ශක්තියම යොදවා උත්සාහයෙන් කටයුතු කරයි. 02)ඔව්න්ගේ ශක්තිය වෙන කිසිවෙක් මත නොරඳවයි .   අන් අයට ඔව්න්ව පාලනය කිරීමට ඉඩ නොදෙන ශක්තිමත් සිත් ඇත්තෝ කිසිවෙකුත් නිසාවෙන් තමාගේ හැගීම් වල හා ජීවන රටාවේ වෙනසක් වීමට ඉඩ නොදෙයි. තමාගේ සිතේ ස්වාමියා තමාම බවද අන් සියල්ල තමාට පසුව බවද ඔව්න් වටහා ගනී. 03)ඔවුන් වෙනස් වීමට ලැජ්ජා හෝ බිය නොවෙති. සියලු දේ අස්ථිර බවත් නිරන්තර වෙනස්වීම් වලට භාජනය වන බවද දන්නා මෙවන් මිනිසුන්...