Skip to main content

ඔබ නොදන්න විශ්මිත කරුණු 10ක්... (10 bizzare facts you havent heard of)


අප පෘථවිය බොහෝ විශ්මිත වූ නිර්මාණයන්ගෙන් යුක්තය. ඒ අතරින් සමහර ඒවා අප අවට පරිසරයේම තිබුනත් ඒවා අප ඇසට හසු නොවේ. සමහරෙක් ඒවා විශ්ලේෂනය කිරීමෙන්ම දත යුතුය. කෙසේ වුවත් පහතින් දැක්වෙන්නේ එවන් විශ්මිතවූ      කරුණු 10 කි...





01)එළුවාගේ කළු ඉංගිරියාව සෘජුකෝණාස්‍ර හැඩයක් ගනී.

02)මිනිසෙකු ජීවිත කාලය පුරාම රැවුල නොකැපුවහොත් ඔහු මැරෙන විට රැවුලේ දිග අඩි 30ක් වේ.

 

03)ලයිටරය සොයා ගැනුනේ ගිනි කූර සොයා ගැනීමට ප්‍රථමයෙන්ය.

 
04)නිල් තල් මසෙකුගේ හදවත VW බීට්ල් රථයක් තරම් විශාල වේ.

 
05)පෘථවිය සෑදී ඇති අංශු අතර හිස් අවකාශ නොතිබුනි නම් පෘථවිය බේස් බෝලයක් තරම් වේ.

 
06)ලොව මේ තාක්කල් ජීවත්වූ සියලුම මිනිසුන් ගෙන් හරි අඩක ප්‍රමාණයක්  මැලේරියාව නිසා මැරී තිබුනි.

 
07)වරක් චාලි චැප්ලින් "චාලි චැප්ලින් ලුක් අලයික්ස්" නම්  ඔහුව 
 අනුකරණය කරන තරගයකට සහභාගී විය, විශ්මිතම දෙය නම් ඔහු තේරුනේ තෙවන ස්ථානයටයි.

08)මුහුදු මංකොල්ලකරුවන් එක් ඇසක් ආවරණය කර ගෙන සිටින්නේ අඳුරේදී වසා සිටින ඇසෙන් වඩා හොදින් දැකිය හැකි නිසාවෙනි.
 
09)දැනට ජීවත්වන මිනිසුන්ගෙන් මිලියන 54ක් තව මාස 12කදී මිය යනු ඇත.
 

10)turritopsis nutricula නම් ජෙලිෆිශ් වර්ගය අමරණීය වේ.  

Popular posts from this blog

සතුටින් ඉන්න ක්‍රම 5ක්...(විද්‍යාත්මකව ඔප්පු කර ඇති ක්‍රම 5කි.)-5 scientifically proven ways to be happy!

සල්ලි මහා ගොඩක් තියෙන සමහර අයටවත් සතුට කියන දේ නෑ. සතුටින් ඉන්න සල්ලිවත් ධනය වත් ඕන නෑ.... ශරීර සෞඛ්‍ය, මානසික සෞඛ්‍ය සහ සමාජීය සෞඛ්‍ය කියන තුන සමබරව පත්වාගෙන යන්න පුළුවන්නන් ඉබේටම සතුට අපි ලඟට ඒවි. සත පහක් අතේ නැති උනත් ගොඩාක් සතුටින් ඉන්න පුළුවන් අපිට.   ඕ...න්න පහල තියෙනව සතුටින් ඉන්න, සතුට වැඩි කරගන්න  පුළුවන් ක්‍රම 5ක්... 1 ක්‍රමය... දවසට අවම වශයෙන් මිනිත්තු 7ක් වත් ව්‍යායාම කිරීම තුලින් ඔබට ලැබෙන්නා වූ ශාරිරික සුවය ඔබගේ මානසික සෞඛ්‍ය කෙරෙහි සෘජුවම බලපාන බව විද්‍යාත්මකව ඔප්පු කර ඇත. ව්‍යායාම කිරීම තුලින් විෂාදය හා ආතතිය විශාල ප්‍රමාණයකින් අවම කර ගත හැකි බව සොයා ගෙන ඇත. 2 ක්‍රමය...   සුව නින්දක් ලැබීම තුලින් දිවා කාලයේ විඩාවට පත් වූ ශාරීරික පත්ධති සඳහා මෙන්ම සිතටද සුවයක් සහ නව ජීවයක් ගෙනේ.ඔබ කරන්නාවූ වැඩ සහ වැඩ ප්‍රමාණය සම්බන්ධයෙන් තෘප්තිමත් වන සිත ඔබ කෙතරම් ඵලදායී පුද්ගලයෙක්දැයි ඔබට වටහාදේවි. ඔබටම ඔබ ගැන ඇතිවන්නාවූ සතුටින් නිබදවම ඔබ සිනහවකින් මුව සරසාගත්තකු වනු ඇති. 3 ක්‍රමය... ඔබගේ දවසින් වැඩිමනක් කාලය ඔබගේ මිතුරන්, ආදරණීයයන් හා පවුලේ අය සමඟ සි...

ඔබගේ මානසික ශක්තිය වැඩි කරගැනීමට ක්‍රම 5ක් (5 Ways To Increase Your Mental Strength)

මිනිසෙකුගේ මානසික ශක්තිය යනු ඔහුගේ සාර්තකත්වයට,ජීවිතයට විශාල ලෙස බලපාන සාධකයකි.තීරණයක් ගැනීමට,ජීවිතයට මුහුන දීමට සහ හොද නරක තෝරා ගැනීමට අපිට හොද මනසක් තිබිය යුතුයි.ඒ වගේම ප්‍රශ්න වලට මුහුණ දීමට මෙන්ම වැටීම්,නැගීම් අතරින් ඒ මනස නිරවුල්ව තබාගැනීමට මනස ශක්තිමත් විය යුතුයි.   1) ඔබ ඔබේ සිත පාලනය කරගන්න නැතිනම් එය ඔබව පාලනය කරාවි. මූලිකම දේ වෙන්නෙ ඔබේ සිත එය ක්‍රියාත්මක වෙන විදියටම තමයි අපිත් ක්‍රියාත්මක වෙන්නෙ. මෙහි හිත පාලනය කියන්නෙ ඇත්තටම හැමවෙලාවෙම හිත අපිට කරන්න කියන දේවල් නොකර ඉන්න එකයි,උදාහරණයක් විදියට අපි රස කෑමක් දකිනව,එක දැකල අපේ බඩගින්න හොදටම වැඩි වෙනව.හිත අපිට කන්න කන්න කියනව,අවේලාවක් වෙන්න පුලුවන් එත් හිත අපිට කියන නිසා අපිට බඩගින්නක් දනෙන්නව,පලවෙනි දේ හිත පාලනය කරගන්න පුරුදු වෙන්න.එක අදහසක් දෙන්නම් එක දවසක හොද කටට කෙල උනන කෑමක් දැක්කම හිත අපිට කන්න බල කරපු වෙලාවක මෙහෙම තීරණයක් ගන්න, නෑ මන් මගෙ වැඩේ ඉවර වෙලාම කනව,නැත්තම තව පැයකින් කනව කියල,මේ වගෙ ක්‍රම හොයාගන්න,පුරුදු කරන්න. 2) අලුත් අත්දැකීම් වලට ඉඩ දෙන්න.වෙනස් වෙන පරිසරයට හුරු වෙන්න.   සමාන්‍යයෙන්...

තරහව පාලනය කිරීමට ක්‍රම 7ක් (7 tips to control anger)

  "ඔබ තරහින් ඉන්න හැම විනාඩියකින්ම තප්පර හැටක් ඔබ ඔබේ හිතේ,මනසේ සාමය නැති කරගන්නව"(Ralph Waldo Emerson) "ඔබ තරහින් ඉන්න වෙලාවක කතාවක් කරන්න,එය ඔබේ හොදම කතාව වෙනව නිසැකයි,ඔබට ජිවිතේ පුරාම පසුතැවෙන්න වෙන.''(Laurence J. Peter) 1) වචන පාවිච්ච් කිරීමට කලින් හිතන්න.  උණුසුම් අවස්ථාවක අපේ කටින් අපිට පසුතැවෙන්න වෙන විදියෙ වචනයක් කියවෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි.ඒකනිසා අපි දෙයක් කියන්න කලින් පොඩි වෙලාවක් කියන්න තියෙන දේ ගැන හිතල ඊට සුදුසු වච්න පාවිච්චි කරන්න පුරුදු උනොත් තරහව පාලනය කරගන්න ලොකු උදවුවක් වෙයි. 2) ආතතිය නැති කරගන්න ව්‍යායාමවල යෙදෙන්න.  ආතතිය  කියන්නෙත් තරහ ඇති කරන එක හේතුවක්,අපි දෙයක් ගැන හිත හිත හිත් අවුලෙන්,ආතතියෙන් ඉන්නකොට අපිට වෙන හැමඩෙයක්ම ප්‍රශ්නයක් ව්දියට පේන්න ගන්නව,කෙනෙක් අපිත් එක්ක කතා කරත් වරදක් අඩුපාඩුවක් පෙන්න ගන්නව අපිට ඉබේටම තරහ යනව.ඒකනිස ආතතිය නැති කරගන්න පියවර ගන්න,හොදම දේ ව්‍යායාමවල යෙදෙන එකයි. 3) තරහව ආපු ගමන්ම පුලුවන් ඉක්මනින් පොඩි break එකක් ගන්න. ඔබ කරන වැඩේ පොඩ්ඩකට අමතක කරල තමන්ම ඉන්න තැන ඉදන්ම හිතට පොඩි bre...