Skip to main content

ඔබ පරාජිතයෙකු නොවන බවට ඔබ සිතම දෙන සාක්ෂි 3ක්!


ජයග්‍රහණයත් පරාජයත් අතර ඇත්තේ සිතිවිල්ලක පරතරයකි.  ඔබ ඔබ විසින්ම තනා ගත් වැට කඩුළු, සීමා මායිම් , තාප්ප වලින් ඔබ දැනට එක තැන සිරවී පල් වෙමින් පවතී නම්, එම වැට කඩුළු බිඳ ඉන්ද්‍රඛීලයක් සේ නැගිට හමන මාරුතය කෙතරම් චණ්ඩ වුව ඒ සියළු බාධක විනාශකර තමාගේ උතුම් ඌ ජීවන අරමුණ සාක්ෂාත් කරගැනීමට අවැසි ශක්තිය ඔබ තුල පවතින්නාවූ බවට අප සෑම කෙනෙකුගේම හදවත දෙන්නාවූ හෘද සාක්ෂියයි මේ.  




01)ඔබ අතීතයේ ජයගෙන ඇත.

 

ඔබ අතීතයේ යමක් ජයගත් මොහොතක්,යමෙකු ඔබට ප්‍රශංසා කල මොහොතක් හෝ ඔබට ඔබ ගැන ආත්ම අභිමානයක් දැනුනු අවස්ථාවක් ගැන සිතන්න. ඒ අවස්ථාවට සිතින් යන්න. එහිදී ඔබේ සිතට දැනුනු හැගීම්, ඔබෙ හදවතේ ගැස්ම වැඩිවූ අයුරු,අන් අය ඔබ දෙස බලා සිටි අයුරු, එවිට ඔබට දැනුනු අභිමානය,  ඔබට ඔබ ගැන දැනුනු සතුට සිතින් විඳින්න. ඔබ කෙතරම් නම් ශක්තිමත්ද? ඔබ තුල කෙතරම් නම් විභවයක් පවතීද? ඔබ කෙතරම් නම් විශේෂද? 

                                                           ඉතින් දැන් ඔබට දැනෙන්නේ ඔබ පරාජිතයෙකු ලෙස වුවත් එය ඔබේ සැබෑ ස්වරූපය නොවේ. ඔබ ජයග්‍රාහකයෙකි, හුදෙක්ම තාවකාලික සෘනාත්මක සිතිවිල්ලකින් ඔබට ඔබෙ සැබෑ ස්වරූපය සඟවා තිබේ. ඉතින් එවන් සිතිවිල්ලකට යටත් වී දිනන්නටම ඉපදුන ඔබ කෙලෙසක නම් පැරදෙම්ද? සෘනාත්මක සිතිවිලි පසෙකලා අලු දූවිලි ගසා නැගිටින්න... ඔබ ඔබ ලෙස... ඔබේ ජීවන අරමුණ පසක් කරනට.  

02)ඔබ වටා තවමත් ආදරය සෙනෙහස පවතී.

 


 ඔබ භෞතිකමය වශයෙන් පරාද වන්නට ඇත. නමුත් ඔබ අභ්‍යන්තරයේ තවමත් ඔබ ගෙනා සාර්ථක වීමට ඇති නොනිමි ආශාවත්, දැඩි අධිෂ්ඨානයත්, අප්‍රහිත ධෛර්යයත් ඔබ තුල තවමත් පවතී. ඒ ලෙසම උපතේ සිටම ඔබ ලග සිටින දෙමාපියන්ද, ඔබ ආදරය කරන ඔබට ලෙන්ගතු බොහෝ දෙනෙක්ද ඔබ වටා සිටි. කුමක් නැති උවත් තවමත් ඔබ චිත්ත සන්ථානයේ සතුට පවතී. ඔවුන් හා කතා බස් කිරීමෙන් ඔබ තුල පවතින සෘණාත්මක ආකල්ප අමතක වී සතුටු හැගීම් පිබිදෙනු ඇත. ඔබට යලි ජීවත්වීමේ ආශාව ඇතිවනු ඇත. මනසින් ඇද වැටී සිටි ඔබ යලි ඇරභීමක් ගැන සිතිය යුතු වෙලාව පැමින ඇත. අතීතයේ කල වැරදි, සිදුවූ අතපසුවීම් වලින් උගත් දේද යොදා ගෙන වඩාත් සාර්ථකවූ කාර්යක නියැලීමට තරම් දැන් ඔබ ශක්තිමත්ය.

03)ඔබටත් වඩා අසරණ මිනිසුන් තව ඕනෑ තරම් ඇත.

                             


වට පිටාව ගැන අවධානය යොමු කරන්න. ඔබටත් වඩා  අසරණ මිනිසුන් ඔනෑ තරම් තවමත් ජීවත් වෙයි. ඔවුන් හුස්ම ගනියි. ඔවුන් තිබෙන දෙයක් කා කුස පුරවා ගනියි. ඇදුමක් යැයි පැවසීමට තරම් වත් නොවන රෙද්දකින් විළි වසා ගනියි.නමුත් ඔවුන්ද ජීවත් වෙයි. ඉතින් සැබැවින්ම ඔබට නැති වූ දෙයක් නැති තරම් නේද? එසේ නම් තව දුරටත් අතීතය ගැන සිතමින් කල් ගෙවීම අනුවණ කමක්ම වන්නේය. ඉතින් කුමට නම් ලතැවෙන්නේද? කුමට නම් කාලය නාස්ති කරන්නේද? වරක් දෙවරක් තෙවරක් නොව සිය වරක් හෝ සිතා බලා නව සැලැස්මක් සාදන්න.  කුඩාවට අරඹන්න ඉවසීමෙන් කටයුතු කරන්න. සාර්ථකත්වය ඔබ කරා නිසැකවම පැමිණෙනු ඇත.   

 
Author pic තරිඳු කේ. ජයසිංහ (Tharindu K. Jayasinghe)
සම්මථයට ඔබ්බෙන් වූ රැඩිකල් යෞවනයේ හඬ ලොවට කෑ ගසා කියන්නට නිර්මාණය වූ නරක ළමයි විප්ලවයේ නිර්මාතෘ ඔහුය. සිහින, තමන් කැමති දේ කිරීමට ලැබීම සහ යථාර්තය අතර වූ පවුරු බිදිමින් ඔහු මෙන්ම සම වයසේ පසුවන්නන් සමග සිහින යථාර්තයක් කිරීමට සහ එමගින් අසීමිත සතුට සහ අසීමිත සාර්ථකත්වය ලබා ගැනීම තුලින් ජීවිතය විඳවන නොව විඳින තැනක් බවට පත් කිරීමට වෙහෙස වන තරිඳු මානව සම්බන්ඳතා තම ජීවිතයේ මූලිකම දෙය ලෙස විශ්වාස කරයි.

Popular posts from this blog

සතුටින් ඉන්න ක්‍රම 5ක්...(විද්‍යාත්මකව ඔප්පු කර ඇති ක්‍රම 5කි.)-5 scientifically proven ways to be happy!

සල්ලි මහා ගොඩක් තියෙන සමහර අයටවත් සතුට කියන දේ නෑ. සතුටින් ඉන්න සල්ලිවත් ධනය වත් ඕන නෑ.... ශරීර සෞඛ්‍ය, මානසික සෞඛ්‍ය සහ සමාජීය සෞඛ්‍ය කියන තුන සමබරව පත්වාගෙන යන්න පුළුවන්නන් ඉබේටම සතුට අපි ලඟට ඒවි. සත පහක් අතේ නැති උනත් ගොඩාක් සතුටින් ඉන්න පුළුවන් අපිට.   ඕ...න්න පහල තියෙනව සතුටින් ඉන්න, සතුට වැඩි කරගන්න  පුළුවන් ක්‍රම 5ක්... 1 ක්‍රමය... දවසට අවම වශයෙන් මිනිත්තු 7ක් වත් ව්‍යායාම කිරීම තුලින් ඔබට ලැබෙන්නා වූ ශාරිරික සුවය ඔබගේ මානසික සෞඛ්‍ය කෙරෙහි සෘජුවම බලපාන බව විද්‍යාත්මකව ඔප්පු කර ඇත. ව්‍යායාම කිරීම තුලින් විෂාදය හා ආතතිය විශාල ප්‍රමාණයකින් අවම කර ගත හැකි බව සොයා ගෙන ඇත. 2 ක්‍රමය...   සුව නින්දක් ලැබීම තුලින් දිවා කාලයේ විඩාවට පත් වූ ශාරීරික පත්ධති සඳහා මෙන්ම සිතටද සුවයක් සහ නව ජීවයක් ගෙනේ.ඔබ කරන්නාවූ වැඩ සහ වැඩ ප්‍රමාණය සම්බන්ධයෙන් තෘප්තිමත් වන සිත ඔබ කෙතරම් ඵලදායී පුද්ගලයෙක්දැයි ඔබට වටහාදේවි. ඔබටම ඔබ ගැන ඇතිවන්නාවූ සතුටින් නිබදවම ඔබ සිනහවකින් මුව සරසාගත්තකු වනු ඇති. 3 ක්‍රමය... ඔබගේ දවසින් වැඩිමනක් කාලය ඔබගේ මිතුරන්, ආදරණීයයන් හා පවුලේ අය සමඟ සි...

ඔබගේ මානසික ශක්තිය වැඩි කරගැනීමට ක්‍රම 5ක් (5 Ways To Increase Your Mental Strength)

මිනිසෙකුගේ මානසික ශක්තිය යනු ඔහුගේ සාර්තකත්වයට,ජීවිතයට විශාල ලෙස බලපාන සාධකයකි.තීරණයක් ගැනීමට,ජීවිතයට මුහුන දීමට සහ හොද නරක තෝරා ගැනීමට අපිට හොද මනසක් තිබිය යුතුයි.ඒ වගේම ප්‍රශ්න වලට මුහුණ දීමට මෙන්ම වැටීම්,නැගීම් අතරින් ඒ මනස නිරවුල්ව තබාගැනීමට මනස ශක්තිමත් විය යුතුයි.   1) ඔබ ඔබේ සිත පාලනය කරගන්න නැතිනම් එය ඔබව පාලනය කරාවි. මූලිකම දේ වෙන්නෙ ඔබේ සිත එය ක්‍රියාත්මක වෙන විදියටම තමයි අපිත් ක්‍රියාත්මක වෙන්නෙ. මෙහි හිත පාලනය කියන්නෙ ඇත්තටම හැමවෙලාවෙම හිත අපිට කරන්න කියන දේවල් නොකර ඉන්න එකයි,උදාහරණයක් විදියට අපි රස කෑමක් දකිනව,එක දැකල අපේ බඩගින්න හොදටම වැඩි වෙනව.හිත අපිට කන්න කන්න කියනව,අවේලාවක් වෙන්න පුලුවන් එත් හිත අපිට කියන නිසා අපිට බඩගින්නක් දනෙන්නව,පලවෙනි දේ හිත පාලනය කරගන්න පුරුදු වෙන්න.එක අදහසක් දෙන්නම් එක දවසක හොද කටට කෙල උනන කෑමක් දැක්කම හිත අපිට කන්න බල කරපු වෙලාවක මෙහෙම තීරණයක් ගන්න, නෑ මන් මගෙ වැඩේ ඉවර වෙලාම කනව,නැත්තම තව පැයකින් කනව කියල,මේ වගෙ ක්‍රම හොයාගන්න,පුරුදු කරන්න. 2) අලුත් අත්දැකීම් වලට ඉඩ දෙන්න.වෙනස් වෙන පරිසරයට හුරු වෙන්න.   සමාන්‍යයෙන්...

තරහව පාලනය කිරීමට ක්‍රම 7ක් (7 tips to control anger)

  "ඔබ තරහින් ඉන්න හැම විනාඩියකින්ම තප්පර හැටක් ඔබ ඔබේ හිතේ,මනසේ සාමය නැති කරගන්නව"(Ralph Waldo Emerson) "ඔබ තරහින් ඉන්න වෙලාවක කතාවක් කරන්න,එය ඔබේ හොදම කතාව වෙනව නිසැකයි,ඔබට ජිවිතේ පුරාම පසුතැවෙන්න වෙන.''(Laurence J. Peter) 1) වචන පාවිච්ච් කිරීමට කලින් හිතන්න.  උණුසුම් අවස්ථාවක අපේ කටින් අපිට පසුතැවෙන්න වෙන විදියෙ වචනයක් කියවෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි.ඒකනිසා අපි දෙයක් කියන්න කලින් පොඩි වෙලාවක් කියන්න තියෙන දේ ගැන හිතල ඊට සුදුසු වච්න පාවිච්චි කරන්න පුරුදු උනොත් තරහව පාලනය කරගන්න ලොකු උදවුවක් වෙයි. 2) ආතතිය නැති කරගන්න ව්‍යායාමවල යෙදෙන්න.  ආතතිය  කියන්නෙත් තරහ ඇති කරන එක හේතුවක්,අපි දෙයක් ගැන හිත හිත හිත් අවුලෙන්,ආතතියෙන් ඉන්නකොට අපිට වෙන හැමඩෙයක්ම ප්‍රශ්නයක් ව්දියට පේන්න ගන්නව,කෙනෙක් අපිත් එක්ක කතා කරත් වරදක් අඩුපාඩුවක් පෙන්න ගන්නව අපිට ඉබේටම තරහ යනව.ඒකනිස ආතතිය නැති කරගන්න පියවර ගන්න,හොදම දේ ව්‍යායාමවල යෙදෙන එකයි. 3) තරහව ආපු ගමන්ම පුලුවන් ඉක්මනින් පොඩි break එකක් ගන්න. ඔබ කරන වැඩේ පොඩ්ඩකට අමතක කරල තමන්ම ඉන්න තැන ඉදන්ම හිතට පොඩි bre...