Skip to main content

ගුර්බාක්ෂ් චහල්-පාසල් නොගොස් මිලියනපතියෙක් වන අයුරු.(Gurbaksh chahal-the millionare who forgot schooling)



1982 දී උපන් ගුර්බාක්ෂ් චහල් ඇමරිකාවට සංක්‍රමණය වූ පංජාබ් ජාතිකයෙකි. වයස 16 දී පාසල් ගමනට සමුදෙන චහල් මාස 18කින් ඇ.ඩොලර් මිලියන 40ක් වටිනා ව්‍යාපාරයක් තැනුවේය. උපාධියක් තියා සහතික පතක් වත් නොමැතිව 1998දී තම ගමන ඇරඹූ චහල් 2010 අප්‍රේල් මස 29 දින පේස් විශ්ව විද්‍යාලයෙන් වාණිජ විද්‍යාව උදෙසා පිරිනමන්නා වූ ගෞරව අචාර්ය උපාධියකින්ද පිදුම් ලැබුවේය. යොව්න් ජවය පිළිබඳවත් හීන සැබෑ කර ගැනීම පිළිබඳවත් අපට කියා දෙන්නට මේ මිනිසා තරම් සුදුස්සකු තවත් නොවේ.



 1982 ජුලි 17 වන දින අව්ටාර් සින්ග් සහ අර්ජින්දර් චහල් යන මා පියන්ට දාව ගුර්බාක්ෂ් චහල් පංජාබයේදී මෙලොව එලිය දුටුවේය. සෑම දෙමාපියෙක්ගේ සේම චහල්ගේ දෙමාපියන්ගේද සිහිනය වූයේ චහල්ට වඩාත් හොඳ අධ්‍යාපනයක් සේම ඔහුගේ ජීවන තත්වය වඩාත් හොද තත්වයකට පත් කිරීමයි. එය පංජාබයේදී එතරම් පහසු නොවන වග වටහාගත් මාපිය දෙපල කළේ 1985 ඇමරිකානු රජය විසින් පිරිනමන ග්‍රීන් කාඩ් ලොතරැයියට අයදුම් කිරීමයි. දරුවාගේ වාසනාවට මෙන් ඔව්න් එයට සුදුසුකම් ලැබූ අතර චහල්ට අවුරුදු 4කට ලබන 1986 අවුරුද්දේ ඔවුන් ඇමරිකා එකසත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන් ජෝස් හි පදිංචි ගියේය.



එහිම පාසලකට ඇතුලත් වූ චහල් පාසල නම් එතරම් හිතකර තැනක් නොවීය. ඔහු හිස පැලැඳි ජටාව බොහෝ දෙනෙකුට සිනාවට කරුණක් වූ අතර එදිනම ඔහුට කුඩා මැර කොල්ලෙකුගෙන් පහර කෑමටද සිදුවුණි. පාසල් ගිය පළමු දිනම ජටාවද අතැතිව පැමිණෙන තම මුණුබුරා දෙස බලා සිටි මිත්තණියට සියල්ල වැටහිනි. චහල්ව තුරුලට ගත් මිත්තණිය ඔහු කියූ සියල්ල ආදරයෙන් අසා සිටියාය. ඇස් රතු කරගෙන සිටි චහල් තවත් පාසල් යෑමට නොහැකි බව පවසුවේය. එවිට ආදරයෙන් ඔහුව තුරුලට ගත් මිත්තණිය ඇයට හැකි සෑම අයුරින්ම ඔහුව ශක්තිමත් කළාය. මිත්තණියගේ වදන් ඇසූ ඔහුද යළි පාසැල් යාමට එකඟවුනේ මෙය දැනගතහොත් පියාගෙන්ද විසුමක් නොවන බව දත් නිසාය. එය පළමු දවසට සීමාවූ මැර ප්‍රහාරයක් නොවුණු අතර චහල් නිරන්තර මෙලෙස පහර කෑමට ලක් විය. මේ හේතු නිසාවෙන්ම චහල් සෑම තැනම පාහේ මුළු ගැන්වුණු චරිතයක් විය.  



පාසල් යාම හැරෙන්නට චහල්ට පැවරුණු වෙනත් රාජකාරියක් නොවූයෙන් පරිගනක විද්‍යාගාරයකට වී අන්තර්ජාලයේ සැරිසැරීමට චහල් හුරු විය. මිනිසුන් අන්තර්ජාලය භාවිතයෙන් කර ඇති දේ දුටු පුංචි චහල්ගේ සිත පමණද ඉක්මවා වැඩ කරන්නට ගත්තේය. පළමුව චහල්ගේ සිත යොමු උනේ ඊ-බේ(e-bay) වෙතයි. නගරයේ විකිණීමට ඇති පර ප්‍රින්ටර් $50 කට පමණ මිලදීගත් චහල් ඊ-බේ(e-bay) හරහා ඒවා $200 කට පමණ විකිණුවේය. එම වයසේ පසුවන්නෙකුට එය සලකියයුතු තරමේ ආදායමක් විය. මෙසේ කාලය ගෙවී ගොස් චහල්ගේ ඉරණම විසඳෙන 1998 උදාවූයේ චහල්ව වයස 16ක් වූ හිරිමල් යෞනයෙකුද කරමිනි.    





අන්තර්ජාලයේ මිනිසුන් බෙදාගත් අනේකවිද අත්දැකීම් හා උපක්‍රම දුටු චහල්ගේ සිත අදහස් වලින් පිරී ගියේය. තමා වයස 16ක කොල්ලෙක් බවද, තවමත් උපාධියක් තබා සහතික පතක් වත් තමා සතු නොවන බවද, තමා පොහොසත් පවුලකට දාව ඉපදුනු අයෙක් නොවන වගද ඔහුට අමතක විය. චහල් තුල මේ තාක් කල් නිදා සිටි දැවැන්ත ව්‍යවසායකයා හිස ඔසවන්නට විය. චහල්ගේ සිත තරුන ජවයෙන් පිරී ගියේය. අදහස ක්‍රියාත්මක කර හැකිය, නමුත් ගැටලුවකි... ඔහුට පාසල් ගමන නම් නවත්වන්නට සිදුවනවා නියතය. කුඩා කල සිටම පාසල් යෑමට වැඩි කැමැත්තක් නොදැක්වූ චහල්ට මෙය අනගි අවස්ථාවක්ද විය. යමක්
ආරම්භ කිරීමට මත්තෙන් ප්‍රශ්න පිට ප්‍රශ්නය. පාසල් ගමන නැවැත්වීම නම් කිසිසේත්ම ගැටළුවක් නොවේ.  නමුත් ගැටළුව ඒ බව පියාට දැනුම් දීමයි. කෙසේ හෝ කිව යුතු වූ බැවින් චහල් තම සිතට ධෛර්යය ගත්තේය. ඇතිවන්නේ කුමන ගැටළුවක් වුව තමා ඊට හොදින් මූන දෙන බවටද ආත්ම විශ්වාසය ඇති කර ගත්තේය. පියා අසලට ගිය චහල් කතාවට මුල පිරුවේය.


                 "තාත්තේ... මම ඉස්කෝලේ නොයා ඉන්නද?"
   

 "නොයා ඉන්න???  ඒ මොකද දැන් තමුන්ට රස්සවක් එහෙම තියෙනවද?" 
           

           "අනේ තාත්තේ... එහෙනං මාස තුනක් ඉන්නද?"
                       

                      "මාස 3ක්??? ඒ මොකටද?"
              

  "මට පොඩි අදහසක් තියෙනව තාත්තේ. ඒ වැඩේ හරි ගියොත් මට තවත් ඉස්කෝලේ යන්න ඕන එකක් නෑ. අසාර්ථක උනොත් මම ආයිම ඉස්කෝලේ යන්නං."
                          

                           "හරි!!! මාස 3යි..."
 

          චහල්ගේ වදයෙන් බේරීමට බැරි තැන පියා කැමැත්ත පල කරේය.   



එම සංවාදයෙන් පසු එලඹුනේ ගුර්බාක්ෂ් චහල් නැමැති තරුණයාගේ දෛවය වෙනස් කිරීමේ කාලයයි. එම කාලය තුල ඔහු යමක් කල යුතුය. එම "යම" සාමාන්‍ය තරුණයෙකු කරන කාර්යකට වඩා බොහෝ සෙයින් විශාල  විය යුතුය.. ඔහු ව්‍යාපාරය ආරම්භ කලේය. එය නමිල් "ක්ලික් ඒජන්ට්ස්" නම් අන්තර්ජාල ප්‍රචාරණ ආයතනයක් විය. ඊ-බේ හරහා ඔහු උපයාගත් මුදල මූලික ආයෝජනය විය. අනිත් ළමයි නිදහසේ පාසල් යද්දී  චහල්ට තමාගේ හීනය හඹා යාමට සිදු විනි. කාර්යය කෙතරම් අපහසු වුවත් වැටුනේ ඔහු නම් නොවේ. ඔහුගේ සිත තුල පැවති දැඩි ආශාව ඔහුට දවසේ විවේක ගනීමට කාලයක් ඉතිරි නොකළේය.. කෙසේ හෝ සාර්ථකත්වය දැකීම ඔහුගේ ආශාව විය. ගුර්බාක්ෂ්ගේ ඇස් වල තිබුනේ එකම වචනයකි එනම් "සාර්ථකත්වයයි" එම ශක්තිය හමුවේ මිහිපිට වූ කිසිදු භාදකයකට ඔහු හා ගැටීමට හෝ ඔහුගේ ගමන නැවැත්වීමට නොහැකි විය. මාස 3 නිම වන විට චහල්ගේ ආයතනයේ වටිනාකම ඔහුගේ පියා මුළු ජීවිත කාලයම ඉපයූ මුදලටත් වඩා වැඩි විය. ඒ වෙද්දී චහල්ගේ ආයතනයේ වටිනාකම මිලියන 7කට ආසන්න විය. එය චහල්ගේ සාර්ථකත්වයේ ආරම්භය මෙන්ම පාසල් ගමනේ අවසානයද විය.




කාලය ගෙවී ගිය අතර ව්‍යාපාරයට මාස 18 සපිරෙත්ම 2000 දී චහල් එය ඇමරිකානු ඩොලර් මිලියන 40කට විකුණා දැමුවේය. ගනුදෙනුවත් සමඟ චහල්ට වසර 3ක් යන තෙක් එම ක්ෂේත්‍රයට සම්බන්ධ වීම තහනම් විය. ඉන්  තෙවසරකට පසු යලි ගමන් අරඹන චහල් ලිතියම්-වන්(Lithium-1) නමින් ඔහුගේ මීළග ව්‍යාපාරය ඇරඹුවේය. ඉන් වසර  කිහිපයකට පසු 2007දී එම ආයතනය යාහූ(Yahoo)-ආයතනය විසින් ඇ.ඩොලර් 300 කට මිලදී ගත්තේ චහල් ලොව ලාභාලතම මිලියනපතියන්ගේ ලැයිස්තුවට එක් කරමිනි. එකඟතා කාලයෙන් පසු යලි පිටියට පිවිසි ගුර්බාක්ෂ් චහල් දැනට "රේඩියම්-වන්(Radium-1)" නම් ඔහුගේ නව ව්‍යාපාරය වෙනුවෙන් කටයුතු කරන අතර එම ආයතනයේ වටිනාකමද දැනට ඇ.ඩොලර් මිලියන 500කට වඩා වැඩිය. දැනට චහල්ගේ පෞද්ගලික වත්කම ඇ.ඩොලර් මිලියන 200 සීමාවද ඉක්මවා ඇත.     



චහල් පාසල් නොගියද, ඔහු සතුව උපාධියක් නොතිබ්බද, ඔහු ඇමරිකානුවෙක් නොවුනද, ඔහුගේ සාර්ථකත්වයට මේ කිසිවකටත් බලපෑම් කල නොහැකි විය. වයස 16දී තම හැකියාව වටහාගත් චහල් එය ඔප්නැංවූයේය. ඒ වෙනුවෙන් මහන්සි උනේය. කල නොහැකි දෙයක් නැති බව ලොවට පසක් කළේය. තරුණයෙකු සතු විය යුතු දැක්ම, ජවය, අධිෂ්ඨානය ඔහු තරුණ ප්‍රජාවටම පෙන්වා දුන්නේය. 1998දී එදා පාසල් ගමන නැවතු ගුර්බාක්ෂ් චහල්ට 2010 අප්‍රේල් මස 29දින පේස් විශ්ව විද්‍යාලය මඟින් වාණිජ විද්‍යාව සඳහා වූ ගෞරව උපාධියක් පිරිනැමුවේය.




එදා නරක ළමයෙකු යැයි සියල්ල හැදින්වූ චහල් අද තාරුණ්‍යයයේ පෙර ගමන් කරුවෙකි. එදා මුලු ගැන්වී සිටි චහල් අද විශ්වවිද්‍යාල කිහිපයකම ආරාධිත කථිකාචාර්ය වරයෙකි. එදා වයස 16දී පාසල් ගමන නැවැත්වූ චහල්ගේ "ද-ඩ්‍රීම්" නම් පොත අද විශ්වවිද්යාලවල විෂය නිර්දේශයටද අයත්ය. 

මේ එදා සිටි චහල්මය. වෙනස වී ඇත්තේ ලොව ඔහු දෙස බැලූ විදියේය. ඔබ ඔබ ගැන විශ්වාසය තබන තාක් කල් ඔබට අන් අය ඔබ දෙස බලන අයුරු වැදගත් නොවේ. 

 
Author pic තරිඳු කේ. ජයසිංහ (Tharindu K. Jayasinghe)

Popular posts from this blog

සතුටින් ඉන්න ක්‍රම 5ක්...(විද්‍යාත්මකව ඔප්පු කර ඇති ක්‍රම 5කි.)-5 scientifically proven ways to be happy!

සල්ලි මහා ගොඩක් තියෙන සමහර අයටවත් සතුට කියන දේ නෑ. සතුටින් ඉන්න සල්ලිවත් ධනය වත් ඕන නෑ.... ශරීර සෞඛ්‍ය, මානසික සෞඛ්‍ය සහ සමාජීය සෞඛ්‍ය කියන තුන සමබරව පත්වාගෙන යන්න පුළුවන්නන් ඉබේටම සතුට අපි ලඟට ඒවි. සත පහක් අතේ නැති උනත් ගොඩාක් සතුටින් ඉන්න පුළුවන් අපිට.   ඕ...න්න පහල තියෙනව සතුටින් ඉන්න, සතුට වැඩි කරගන්න  පුළුවන් ක්‍රම 5ක්... 1 ක්‍රමය... දවසට අවම වශයෙන් මිනිත්තු 7ක් වත් ව්‍යායාම කිරීම තුලින් ඔබට ලැබෙන්නා වූ ශාරිරික සුවය ඔබගේ මානසික සෞඛ්‍ය කෙරෙහි සෘජුවම බලපාන බව විද්‍යාත්මකව ඔප්පු කර ඇත. ව්‍යායාම කිරීම තුලින් විෂාදය හා ආතතිය විශාල ප්‍රමාණයකින් අවම කර ගත හැකි බව සොයා ගෙන ඇත. 2 ක්‍රමය...   සුව නින්දක් ලැබීම තුලින් දිවා කාලයේ විඩාවට පත් වූ ශාරීරික පත්ධති සඳහා මෙන්ම සිතටද සුවයක් සහ නව ජීවයක් ගෙනේ.ඔබ කරන්නාවූ වැඩ සහ වැඩ ප්‍රමාණය සම්බන්ධයෙන් තෘප්තිමත් වන සිත ඔබ කෙතරම් ඵලදායී පුද්ගලයෙක්දැයි ඔබට වටහාදේවි. ඔබටම ඔබ ගැන ඇතිවන්නාවූ සතුටින් නිබදවම ඔබ සිනහවකින් මුව සරසාගත්තකු වනු ඇති. 3 ක්‍රමය... ඔබගේ දවසින් වැඩිමනක් කාලය ඔබගේ මිතුරන්, ආදරණීයයන් හා පවුලේ අය සමඟ සි...

ඔබගේ මානසික ශක්තිය වැඩි කරගැනීමට ක්‍රම 5ක් (5 Ways To Increase Your Mental Strength)

මිනිසෙකුගේ මානසික ශක්තිය යනු ඔහුගේ සාර්තකත්වයට,ජීවිතයට විශාල ලෙස බලපාන සාධකයකි.තීරණයක් ගැනීමට,ජීවිතයට මුහුන දීමට සහ හොද නරක තෝරා ගැනීමට අපිට හොද මනසක් තිබිය යුතුයි.ඒ වගේම ප්‍රශ්න වලට මුහුණ දීමට මෙන්ම වැටීම්,නැගීම් අතරින් ඒ මනස නිරවුල්ව තබාගැනීමට මනස ශක්තිමත් විය යුතුයි.   1) ඔබ ඔබේ සිත පාලනය කරගන්න නැතිනම් එය ඔබව පාලනය කරාවි. මූලිකම දේ වෙන්නෙ ඔබේ සිත එය ක්‍රියාත්මක වෙන විදියටම තමයි අපිත් ක්‍රියාත්මක වෙන්නෙ. මෙහි හිත පාලනය කියන්නෙ ඇත්තටම හැමවෙලාවෙම හිත අපිට කරන්න කියන දේවල් නොකර ඉන්න එකයි,උදාහරණයක් විදියට අපි රස කෑමක් දකිනව,එක දැකල අපේ බඩගින්න හොදටම වැඩි වෙනව.හිත අපිට කන්න කන්න කියනව,අවේලාවක් වෙන්න පුලුවන් එත් හිත අපිට කියන නිසා අපිට බඩගින්නක් දනෙන්නව,පලවෙනි දේ හිත පාලනය කරගන්න පුරුදු වෙන්න.එක අදහසක් දෙන්නම් එක දවසක හොද කටට කෙල උනන කෑමක් දැක්කම හිත අපිට කන්න බල කරපු වෙලාවක මෙහෙම තීරණයක් ගන්න, නෑ මන් මගෙ වැඩේ ඉවර වෙලාම කනව,නැත්තම තව පැයකින් කනව කියල,මේ වගෙ ක්‍රම හොයාගන්න,පුරුදු කරන්න. 2) අලුත් අත්දැකීම් වලට ඉඩ දෙන්න.වෙනස් වෙන පරිසරයට හුරු වෙන්න.   සමාන්‍යයෙන්...

තරහව පාලනය කිරීමට ක්‍රම 7ක් (7 tips to control anger)

  "ඔබ තරහින් ඉන්න හැම විනාඩියකින්ම තප්පර හැටක් ඔබ ඔබේ හිතේ,මනසේ සාමය නැති කරගන්නව"(Ralph Waldo Emerson) "ඔබ තරහින් ඉන්න වෙලාවක කතාවක් කරන්න,එය ඔබේ හොදම කතාව වෙනව නිසැකයි,ඔබට ජිවිතේ පුරාම පසුතැවෙන්න වෙන.''(Laurence J. Peter) 1) වචන පාවිච්ච් කිරීමට කලින් හිතන්න.  උණුසුම් අවස්ථාවක අපේ කටින් අපිට පසුතැවෙන්න වෙන විදියෙ වචනයක් කියවෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි.ඒකනිසා අපි දෙයක් කියන්න කලින් පොඩි වෙලාවක් කියන්න තියෙන දේ ගැන හිතල ඊට සුදුසු වච්න පාවිච්චි කරන්න පුරුදු උනොත් තරහව පාලනය කරගන්න ලොකු උදවුවක් වෙයි. 2) ආතතිය නැති කරගන්න ව්‍යායාමවල යෙදෙන්න.  ආතතිය  කියන්නෙත් තරහ ඇති කරන එක හේතුවක්,අපි දෙයක් ගැන හිත හිත හිත් අවුලෙන්,ආතතියෙන් ඉන්නකොට අපිට වෙන හැමඩෙයක්ම ප්‍රශ්නයක් ව්දියට පේන්න ගන්නව,කෙනෙක් අපිත් එක්ක කතා කරත් වරදක් අඩුපාඩුවක් පෙන්න ගන්නව අපිට ඉබේටම තරහ යනව.ඒකනිස ආතතිය නැති කරගන්න පියවර ගන්න,හොදම දේ ව්‍යායාමවල යෙදෙන එකයි. 3) තරහව ආපු ගමන්ම පුලුවන් ඉක්මනින් පොඩි break එකක් ගන්න. ඔබ කරන වැඩේ පොඩ්ඩකට අමතක කරල තමන්ම ඉන්න තැන ඉදන්ම හිතට පොඩි bre...