දිනක් හසරක් නැතිව ඇවිදමින් සිටි මිනිසෙකුට ශබ්දයක් ඇසුණි. පළමුව අපැහැදිලි වුවත් ක්‍රමයෙන් ඔහුට එය හොඳින් ඇසෙන්නට ගත් අතර එම ස්ත්‍රී කටහඬ PARTHA! PARTHA! යනුවෙන්කෑ ගසනු ඔහුට ඇසුණි. ජීවිතයට අළුත් ආරම්භයක් ගැනීමට. ගත් ආරම්භය වඩාත් ඵලදායි කර ගැනීමට. ගෙවන ජීවිතයට වඩා වැඩි අර්ථයක් එක් කර ගැනීමට ඇය පැවසූ මෙම ක්‍රමය ඉතා වැදගත් වනු ඇත.
සැබැවින්ම PARTHA යනු...
Positive thinking-ධනාත්මක චින්තනය
Aim-අරමුණ
Restrains-හික්මීම
Training-පුහුණුව
Hard work-දැඩි කැපවීම
Abiding interest-ස්ථිර උනන්දුව
Positive thinking-ධනාත්මක චින්තනය

ඒ සඳහා
*සාර්ථක පුද්ගලයන් ඇසුරු කිරීම,
*සුභවාදී ආකල්ප ඇති කර ගැනීම,
*යහපත් මානුෂීය සබඳතා ඇතිකර ගැනීම,
*ඔබගේ සාර්ථකත්වය සිතින් දැකීම හා එම තත්වයෙන් සිතීමට උත්සහ කිරීම,
*ලාභ, අලාභ, සැප දුක, නින්දා ප්‍රශංසා පොදු බව වටහා ගෙන ඒ සියල්ල සම සිතින් විඳ ගැනීම
වැනි දේ කල හැකිය.
Aim-අරමුණ
ඔබ ඇතිකරගන්නා ධනාත්මක සිතිවිල්ල ඊ තලයක් නම් අරමුණ වනාහි එහි ඊ හිසයි. ඔබ යා යුතු දිශාව යනු ඔබේ අරමුණයි. ඔබට පැහැදිලි අරමුණක් තිබිය යුතුය. ඔබ තව වසරකින්, දෙකකින් තව වසර පහකින් දහයකින් ඔබ කව් රුන් විය යුතුද යන වග සහ ඔබ සිටිය යුතු මට්ටම ඔබ දත යුතුය. යන මාර්ගය ඔබ සැලසුම් කල යුතු අතර එය ලගා කරගත හැකි අරමුණු වලින් යුක්ත විය යුතුය. බොහෝ විට විශාල අරමුණු වලට වඩා ඔබේ ප්‍රධාන අරමුණට යා හැකි කුඩා අරමුණු තබා ගැනීම මගින් වඩාත් සාර්ථකව සහ ඉක්මනට ඔබගේ ප්‍රධාන අරමුනට ලගා වීමට ඔබට හැකිවනු ඇත.
උදාහරණය:- තව වසරකින් ඉංග්‍රීසි ගුරුවරයෙක් වීම මාගේ අරමුණයි. මම ඒ වෙනුවෙන් දැනට ඉංග්‍රීසි උසස් ඩිප්ලොමාවක් හදාරන අතර ඉංග්‍රීසි ඉගැන්වීම සඳහා යොදා ගන්නා විවිධ තාක්ෂණයන් පිලිබඳ ව්‍යාපෘතියක්ද සිදු කරමින් සිටිමි. අත්දැකීම් ලබා ගැනීම සඳහා කුඩා කණ්ඩායම් පන්තියක්ද දැනට පවත්වන මා ධනාත්මක චින්තනය පිළිබඳවද ස්වයං අධ්‍යනයකද යෙදෙමින් සිටිමි. මාගේ ප්‍රධාන අරමුණ වෙනුවෙන් කුඩා අරමුණු රාශියක් තබාගන්නා මා හැකි උපරිමයෙන් ඒ වෙනුවෙන් කැපවෙමි.
ඔබම සිතන්න... හුදෙක්ම තව වසරකින් ගුරුවරයෙක් වනවා යැයි සිතීමට වඩා ඒ වෙනුවෙන් සාර්ථක මාර්ගයක ගමන් කිරීම මාගේ ඉදිරි ගමන වඩා සාර්ථක කරවනු ඇත. ගුරුවරයෙක් වනවා යැයි සිතීම අරමුණකට වඩා සිහිනයක් ලෙස හඳුන්වා දීම සාධාරණය. එබැවින් සිහිනයක් නොව අරමුණක් තබා ගැනීම වඩා ඉක්මනින් ඔබව සාර්ථකත්වයට යොමු කරවනවා ඇත.
Restrains-හික්මීම

Training-පුහුණුව

Hard work-දැඩි කැපවීම

Abiding interest-ස්ථිර උනන්දුව
