දිනක් හසරක් නැතිව ඇවිදමින් සිටි මිනිසෙකුට ශබ්දයක් ඇසුණි. පළමුව අපැහැදිලි වුවත් ක්‍රමයෙන් ඔහුට එය හොඳින් ඇසෙන්නට ගත් අතර එම ස්ත්‍රී කටහඬ PARTHA! PARTHA! යනුවෙන්කෑ ගසනු ඔහුට ඇසුණි. ජීවිතයට අළුත් ආරම්භයක් ගැනීමට. ගත් ආරම්භය වඩාත් ඵලදායි කර ගැනීමට. ගෙවන ජීවිතයට වඩා වැඩි අර්ථයක් එක් කර ගැනීමට ඇය පැවසූ මෙම ක්‍රමය ඉතා වැදගත් වනු ඇත.
සැබැවින්ම PARTHA යනු...
Positive thinking-ධනාත්මක චින්තනය
Aim-අරමුණ
Restrains-හික්මීම
Training-පුහුණුව
Hard work-දැඩි කැපවීම
Abiding interest-ස්ථිර උනන්දුව
Positive thinking-ධනාත්මක චින්තනය
සෑම ගසක්ම බීජයකින් හටගන්නේ යම් සේද සෑම සාර්ථක කතාවක්ම ආරම්භ වන්නේද ධනාත්මක චින්තනය නැමැති බීජයෙනි. සාර්ථකත්වය වනාහි මහා ඈතක පවතින්නා වූ දෙයක් නොවේ. එය මේ මොහොතේද ඔබ තුල සැගව පවතී. ගසක් වැඩීමට බීජය අවශ්‍යය යම් සේද, රථයක් පණ ගැන්වීමට ඉන්ධන අවශ්‍යය යම් සේද ඔබ සාර්ථකත්වය කරා යෑමටද ඔබගේ චින්තනයට පණ දිය යුතුය. ඒ සඳහා
*සාර්ථක පුද්ගලයන් ඇසුරු කිරීම,
*සුභවාදී ආකල්ප ඇති කර ගැනීම,
*යහපත් මානුෂීය සබඳතා ඇතිකර ගැනීම,
*ඔබගේ සාර්ථකත්වය සිතින් දැකීම හා එම තත්වයෙන් සිතීමට උත්සහ කිරීම,
*ලාභ, අලාභ, සැප දුක, නින්දා ප්‍රශංසා පොදු බව වටහා ගෙන ඒ සියල්ල සම සිතින් විඳ ගැනීම
වැනි දේ කල හැකිය.
Aim-අරමුණ
ඔබ ඇතිකරගන්නා ධනාත්මක සිතිවිල්ල ඊ තලයක් නම් අරමුණ වනාහි එහි ඊ හිසයි. ඔබ යා යුතු දිශාව යනු ඔබේ අරමුණයි. ඔබට පැහැදිලි අරමුණක් තිබිය යුතුය. ඔබ තව වසරකින්, දෙකකින් තව වසර පහකින් දහයකින් ඔබ කව් රුන් විය යුතුද යන වග සහ ඔබ සිටිය යුතු මට්ටම ඔබ දත යුතුය. යන මාර්ගය ඔබ සැලසුම් කල යුතු අතර එය ලගා කරගත හැකි අරමුණු වලින් යුක්ත විය යුතුය. බොහෝ විට විශාල අරමුණු වලට වඩා ඔබේ ප්‍රධාන අරමුණට යා හැකි කුඩා අරමුණු තබා ගැනීම මගින් වඩාත් සාර්ථකව සහ ඉක්මනට ඔබගේ ප්‍රධාන අරමුනට ලගා වීමට ඔබට හැකිවනු ඇත.
උදාහරණය:- තව වසරකින් ඉංග්‍රීසි ගුරුවරයෙක් වීම මාගේ අරමුණයි. මම ඒ වෙනුවෙන් දැනට ඉංග්‍රීසි උසස් ඩිප්ලොමාවක් හදාරන අතර ඉංග්‍රීසි ඉගැන්වීම සඳහා යොදා ගන්නා විවිධ තාක්ෂණයන් පිලිබඳ ව්‍යාපෘතියක්ද සිදු කරමින් සිටිමි. අත්දැකීම් ලබා ගැනීම සඳහා කුඩා කණ්ඩායම් පන්තියක්ද දැනට පවත්වන මා ධනාත්මක චින්තනය පිළිබඳවද ස්වයං අධ්‍යනයකද යෙදෙමින් සිටිමි. මාගේ ප්‍රධාන අරමුණ වෙනුවෙන් කුඩා අරමුණු රාශියක් තබාගන්නා මා හැකි උපරිමයෙන් ඒ වෙනුවෙන් කැපවෙමි.
ඔබම සිතන්න... හුදෙක්ම තව වසරකින් ගුරුවරයෙක් වනවා යැයි සිතීමට වඩා ඒ වෙනුවෙන් සාර්ථක මාර්ගයක ගමන් කිරීම මාගේ ඉදිරි ගමන වඩා සාර්ථක කරවනු ඇත. ගුරුවරයෙක් වනවා යැයි සිතීම අරමුණකට වඩා සිහිනයක් ලෙස හඳුන්වා දීම සාධාරණය. එබැවින් සිහිනයක් නොව අරමුණක් තබා ගැනීම වඩා ඉක්මනින් ඔබව සාර්ථකත්වයට යොමු කරවනවා ඇත.
Restrains-හික්මීම
හික්මීම නැතහොත් ස්වයං විනය සෑම සාර්ථක පුද්ගලයෙකු තුලම පවතින්නා වූ දෙයකි. ඔවුන් තමාගේ සාර්ථකත්වය වෙනුවෙන් බොහෝ දෙයින් වැලකෙනු ඇත.(කෙතරම් සාර්ථක වීමට අවශ්‍ය වුවත් කිසිදා ඔබගේ ජීවිතයේ සතුට අතහැර සතුට අමතක කර කිසි දෙයක් නොකරන්න. මක් නිසාද යත් ජීවිතය ගෙන යන්නේ... ජීවිතයේ සතුට සහ බැඳීම් බැවිනි.) එබැවින් ඔබේ ගමන් මඟ වඩාත් සාර්ථක කර ගැනීමට අවශ්‍ය හික්මීම ඔබම තීරණය කර ඔබම වළකින්න. මක් නිසාද යත් ඔබේ ගමනත් ඒ වෙනුවෙන් වැලකිය යුතු දේත්, වලකන අයුරුත් දන්නේ ඔබම පමණක් නිසාවෙනි.Training-පුහුණුව
පිහිනන්න ඉගැනීමට නම් වතුරට බැසිය යුතුය, දුවන්න ඉගැනීමට නම් පිටියට පිවිසිය යුතුය, සාර්ථක වීමට නම් ඔබ නිරන්තර පුහුණු විය යුතුය. ඔබ කරන වැරදි හඳුනා ගැනීමටත්, ඔබ වැනි, ඔබ කරන දේ කරන අය හඳුනා ගැනීමටත් ඔබ සිටින විෂය පිළිබඳ වඩා වැඩි තොරතුරු ප්‍රමාණයක් සිත තුල රැඳෙන අයුරින් ප්‍රායෝගිකව අත්දැකීමටත් ඉතා වටිනා අවස්ථාවක් ඔබට හිමිවනු ඇත. එබැවින් පුහුණු කරන්න, ඔබ හැකියාව. පුහුණු කරන්න, ඔබ මනස. සාර්ථකත්වයට යෑමට හා සාර්ථකත්වයේ මාවතේ ඔබව රඳවාගැනීමට මෙමෙ හික්මීම ඉතා වැදගත් වනු ඇත. එබැවින්... නොපමාව පුහුණු කරන්න. Hard work-දැඩි කැපවීම
ඔබ උපන්නාට ජීවත් වන අයෙක් නම් කිසි සේත්ම මෙය ඔබට අදාල නොවේ. නමුත් ඔබ වඩා හොඳ ජීවන තත්වයකට පත්වීමට, වඩා සාර්ථක ජීවිතයක් ගත කිරීමට ඇවැසි අයෙක් නම් නියතවම ඔබට අති විශාල ලෙස තම අරමුණ වෙනුවෙන් කැප වීමට සිදුවනු ඇත. මක් නිසාද යත් ශ්‍රේෂ්ඨ වූ කිසිවක් දැඩි කැපවීමකින් තොරව ලඟා කර ගත නොහැකි බැවිනි. එය කුඩා තත්පරයක් විය හැකිය... එක් දිනක් විය හැකිය... සතියක්, මසක්, වසරක්, වසර දහයක් වුව ඔබ ඔබගේ ශ්‍රේෂ්ඨ වූ... උතුම් වූ අරමුණ වෙනුවෙන් කැපවිය යුතුය. ඔබගේත් ඔබ ආදරය කරන්නන්ගේත් ජීවිත වඩා යහපත් කරන්නට එම කැප කිරීම කළ යුතුමය. Abiding interest-ස්ථිර උනන්දුව
කිසිවෙකුටත් එක් රැයකින් සාර්ථක වූ යමක් නිපදවිය නොහැකිය. ක්ෂණයකින් ජීවිතය දැන් සිටින තැන සිට සැතපුම් දහස් ගනණක් ඉදිරියට ගෙන යා නොහැකිය. නමුත් මේ දැන් ඔබට එක් පියවරක් තැබිය හැකිය, එක් තීරණයක් ගත හැකිය. ජීවිතයට අර්ථය එක් කරන්නා වූ එක් දෙයක් කළ හැකිය. ඔබ හැකිතාක් හොඳින් එය කරන තරමට ඊළඟ පියවර තැබීමට ඔබට ආසා සිතෙනු ඇත. එම ආශාව තව උත්සාහ ගැනීම තුලින් ස්ථිර අධිශ්ඨානයක් බවට පත් කර ගැනීමෙන් ඔබ සාර්ථකත්වයට යන ගමන වඩා ඉක්මන් වනවා සේම වඩාත් ස්ථාවර වනු ඇත.


තරිඳු කේ. ජයසිංහ (Tharindu K. Jayasinghe)