ප්‍රශ්න වලට එරෙහිව ඔබ...
ප්‍රශ්න එන තරමට ඔබව ශක්තිමත් වනු ඇත. ඒවාට තමාගේ ශක්ති ප්‍රමාණයෙන් මුහුන දීමටත් තම ශක්තිය මදි යැයි හැඟෙන විට එය වර්ධනය කර ගැනීමටත් තමා උත්සහවන්ත විය යුතුය.
මුහුදේ සිටින නැවියෙකුට කිසිදා අත් හැරිය නොහැක. ඔහු අත් හැරියහොත් නැවේ සිටින මිනිසුන්ද, යාත්‍රාවද විනාශ වී මුහුදු බත් වනු ඇත. ඔබද එසේමය... ඔබ අත්හැරියහොත් ඔබ වටා සිටින අයද ඔබට ආදරය කරන අයද කඩා වැටෙනු ඇත. ඔබේ ජීවන යාත්‍රාවද විනාශ වී යනු ඇත. සෑම අයෙක්ම මෙලොවට සුජාත වේ. කිසිවෙකුත් පරාද වීමට හෝ විනාශ වූ මූසල ජීවිතයක් ගත කිරීමට උපදින්නේ නැත. එබැවින් ඔබ උත්සාහය අත් නොහැරිය යුතුය. ප්‍රශ්න ඔබට ප්‍රශ්නයක් වූ කාලය හමාර කල යුතුය.
දැන් වඩාත් සවිමත්ව නැගී සිටිය යුතු ඔබ ප්‍රශ්න වලට ප්‍රශ්නයක් විය යුතුය. ඔබට හිසරදයක් වූ ප්‍රශ්න වලට දැන් ඔබ හිසරදයක් විය යුතුය. ඔබට පහර පිට පහර ගැසූ ප්‍රශ්න වලට දැන් ඔබ පහර පිට පහර ගැසිය යුතුය. මේ උදාවෙන්නේ ඔබේ කාලයයි. ප්‍රශ්න, ගැටළු වලට බිය නැති අති සාර්ථක දැවැන්ත පෞර්ෂ්‍යක් ලෙස ඔබ නැගී සිටන කාලයයි. ඔබ සතු ශක්තිය මුදාහරින කාලයයි...