Skip to main content

ඔබේ ආදායම වැඩි කර ගෙන ජීවිතය සාර්ථක ගත හැකි ක්‍රම 8ක්... (8 ways to increase your income and make your life


ලැබෙන අදායම මදිද? තාම අම්මලගෙ සල්ලි වලින්ද ජීවත් වෙන්නේ? සල්ලි නිසාම ප්‍රශ්ණ වලින් ජීවිතේ පිරිලද? එහෙනං නිකමට ටික වෙලාවක් අරන් කියවන්න. 

01) ඔබ සෑමදාම කරන දෙය කිරීම නවත්වන්න.(Stop doing what you are doing.)

ඔබට ආදායම වැඩි කරගැනීමට අවශ්‍ය යැයි සිතෙන්නේ ඔබට දැනට ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවන නිසාය. ඉතින් ඔබ දැනට කරන දෙය එලෙසම කරගෙන යෑමෙන් ඇති ඵලය කිම. එනිසා ඔබ කරන දෙය නවතා අළුත් යමක් කරන්න, නැතිනම් දැනට කරන දෙය නව ආරකින් කරන්න.

ඔබ එකම තැන සිට එකම ලෙසකට ගලක් උඩට විසිකරන ගමන් එය වෙනස් තැනකට වැටේවි සිතන්නේ නම් ඔබ වැන්නෙකුට කියන නම උන්මන්තකයා හැර වෙන කුමක්ද.

02)දැනට ඔබ සතුව ඇති මුදලට ඔබව තීරණය කිරීමට ඉඩ නොදෙන්න.(Don't let money decide you and your success)

ඔබ ණය බරින් මිරිකී සිටින්නකු විය හැකිය, නැතිනම් බැංකු පොතේ ලක්ෂ ගණන් මුදල් ඇත්තකු විය හැකිය, ඔබ කවුරුන් වුවත් දැනට ඔබ සතුව ඇති මුදලට ඔබ තුල ඇති විභවය හෝ ඔබ හෙට ලබාගන්නා සාර්ථකත්වය හෝ තීරණය කල නොහැකිය.

ඔබ යන මඟ දනීනම්, ඔබට ඔබ ගැන විශ්වාස නම් ඔබේ සාර්ථකත්වය හා දැනට ඔබේ වත්කම් අතර කිසිඳු සාධණීය සබඳතාවයක් නැත. එනිසා කිසිවිටකත් එය හිසරදයක් කර නොගන්න. ආ මඟ නොව යා යුතු මඟ ගැන පමණක් ඔබේ අවධාණය දෙන්න.

03) ඔබේ ආදායම් මාර්ග ගැන වැඩි අවධානයක් යොමු කරන්න.(Focus hugely on your income)

ඔබගේ දිනය, සතිය, මාසය, වසර සැලසුම් කරන්න. සැලසුම් කිරීමේදී ඔබගේ ආධායම් මාර්ග වැඩි දියුණු කිරීමට හා නව ආදායම් මාර්ග ඇති කර ගැනීමට වැඩි කාලයක් යොමු  කරන්න. යමක් කැප කිරීමට වේ නම් එය කැප කරන්න. දවල්ට නිදා ගැනීම, සීමා විරහිත ලෙස විනෝදය සොයා යෑම වැනි දේ ඔබ ආර්ථිකමය වශයෙන් ස්ථාවර වන තෙක් නවත්වන්න.

තාවකාලික සුව සතූට ඔබට පසුතැවීම් හැර කිසිත්  ඉතුරු නොකරනු ඇති, නමුත්  ඔබ දිනෙන් දින ලැබන සාර්ථකත්වය ඔබට නිරන්තර සතුට, තෘප්තිය ගෙන එනු ඇත.

04) කාලයේ ඇති වටිනාකම වටහාගන්න.(Add more value to time.)

නැතිවූ මුදල් ඔබට ඉපයිය හැක නමුත් කිසිදා ඔබට නැතිවූ කාළය ඉපයිය නොහැක. ලොව සාර්ථක වූ අසාර්ථක මිනිසුන්ට මෙන්ම සාර්ථක මිනිසුන්ටද දිනකට තිබෙන්නේ පැය 24කි. නමුත් ඔවුන් එම පැය 24න් ගත් ප්‍රයෝජන නම් ඉතා වෙනස්ය.

සාර්ථක මිනිසුන් ඔවුන්ගේ දිනකින් එක් තත්පරයකදු ඵලදායී කාර්යක් නොකොට ගෙවීට්මට ඉඩ නොදෙයි. 

05)ඔබට වඩා සාර්ථක පුද්ගලයින් ඇසුරු කරන්න. (Be with people who are successful than you.)

ඔබ සිටින්නේ ඔබ මෙන්ම තත්වයක සිටින හෝ ඔබට වඩා පහත් මට්ටමක සිටින්නවුන් ඇසුරේ නම් ඔබ සිත තවත් සාර්ථක වීමට අලස වනු නියතයි, ඔවුන් ඇසුරේ සිටින විට ඔබ සාර්ථක යැයි ඔබ සිත මුලාවේවි. එනිසා ඔබට වඩා සාර්ථක අය ඇසුරු කරන්න, ඔවුන් ගැන කියවන්න. ඉගෙන ගත හැකි සියල්ල ඉගෙන ගන්න.

ධනාත්මක මිනිසුන් ඇසුරේ ඔබ ධනාත්මක වේවි, සාර්ථක මිනිසුන් ඇසුරේ ඔබ සාර්ථක වේවි, විශිෂ්ට මිනිසුන් ඇසුරේ ඔබ විශිශ්ට වේවි. ඔබ සඳක් නොවූවත් නියතවම තරුවක් හෝ වේවි.

06)අසාර්ථකත්වය හේතු දැක්වීම අඩුකරන්න. (Minimize producing excuses for your failures.)

අසාර්ථකත්වයට හේතු දැක්වීමෙන් ඔබ රවටා ගන්නේ ඔබමයි. එනිසා වහාම එය නවතන්න. ඔබේ අතින් වරදක් වූයේ නම් එය පිළිගන්න. යළිත් එවන්නක් නොවීමට වග බලා ගන්න.ඉන් උගත් දේද සමඟ හෙට දිනයට මුහුන දෙන්න.

සෑම විටම මෙනෙහි කරන්න. "නිමාකරනු මිස වැඩ ඇති තමා අත, පමාවට කරුණු කිසි වකුටත් වුවමනා නැත." යන වග.  





Author pic තරිඳු කේ. ජයසිංහ (Tharindu K. Jayasinghe)

Popular posts from this blog

සතුටින් ඉන්න ක්‍රම 5ක්...(විද්‍යාත්මකව ඔප්පු කර ඇති ක්‍රම 5කි.)-5 scientifically proven ways to be happy!

සල්ලි මහා ගොඩක් තියෙන සමහර අයටවත් සතුට කියන දේ නෑ. සතුටින් ඉන්න සල්ලිවත් ධනය වත් ඕන නෑ.... ශරීර සෞඛ්‍ය, මානසික සෞඛ්‍ය සහ සමාජීය සෞඛ්‍ය කියන තුන සමබරව පත්වාගෙන යන්න පුළුවන්නන් ඉබේටම සතුට අපි ලඟට ඒවි. සත පහක් අතේ නැති උනත් ගොඩාක් සතුටින් ඉන්න පුළුවන් අපිට.   ඕ...න්න පහල තියෙනව සතුටින් ඉන්න, සතුට වැඩි කරගන්න  පුළුවන් ක්‍රම 5ක්... 1 ක්‍රමය... දවසට අවම වශයෙන් මිනිත්තු 7ක් වත් ව්‍යායාම කිරීම තුලින් ඔබට ලැබෙන්නා වූ ශාරිරික සුවය ඔබගේ මානසික සෞඛ්‍ය කෙරෙහි සෘජුවම බලපාන බව විද්‍යාත්මකව ඔප්පු කර ඇත. ව්‍යායාම කිරීම තුලින් විෂාදය හා ආතතිය විශාල ප්‍රමාණයකින් අවම කර ගත හැකි බව සොයා ගෙන ඇත. 2 ක්‍රමය...   සුව නින්දක් ලැබීම තුලින් දිවා කාලයේ විඩාවට පත් වූ ශාරීරික පත්ධති සඳහා මෙන්ම සිතටද සුවයක් සහ නව ජීවයක් ගෙනේ.ඔබ කරන්නාවූ වැඩ සහ වැඩ ප්‍රමාණය සම්බන්ධයෙන් තෘප්තිමත් වන සිත ඔබ කෙතරම් ඵලදායී පුද්ගලයෙක්දැයි ඔබට වටහාදේවි. ඔබටම ඔබ ගැන ඇතිවන්නාවූ සතුටින් නිබදවම ඔබ සිනහවකින් මුව සරසාගත්තකු වනු ඇති. 3 ක්‍රමය... ඔබගේ දවසින් වැඩිමනක් කාලය ඔබගේ මිතුරන්, ආදරණීයයන් හා පවුලේ අය සමඟ සි...

ඔබගේ මානසික ශක්තිය වැඩි කරගැනීමට ක්‍රම 5ක් (5 Ways To Increase Your Mental Strength)

මිනිසෙකුගේ මානසික ශක්තිය යනු ඔහුගේ සාර්තකත්වයට,ජීවිතයට විශාල ලෙස බලපාන සාධකයකි.තීරණයක් ගැනීමට,ජීවිතයට මුහුන දීමට සහ හොද නරක තෝරා ගැනීමට අපිට හොද මනසක් තිබිය යුතුයි.ඒ වගේම ප්‍රශ්න වලට මුහුණ දීමට මෙන්ම වැටීම්,නැගීම් අතරින් ඒ මනස නිරවුල්ව තබාගැනීමට මනස ශක්තිමත් විය යුතුයි.   1) ඔබ ඔබේ සිත පාලනය කරගන්න නැතිනම් එය ඔබව පාලනය කරාවි. මූලිකම දේ වෙන්නෙ ඔබේ සිත එය ක්‍රියාත්මක වෙන විදියටම තමයි අපිත් ක්‍රියාත්මක වෙන්නෙ. මෙහි හිත පාලනය කියන්නෙ ඇත්තටම හැමවෙලාවෙම හිත අපිට කරන්න කියන දේවල් නොකර ඉන්න එකයි,උදාහරණයක් විදියට අපි රස කෑමක් දකිනව,එක දැකල අපේ බඩගින්න හොදටම වැඩි වෙනව.හිත අපිට කන්න කන්න කියනව,අවේලාවක් වෙන්න පුලුවන් එත් හිත අපිට කියන නිසා අපිට බඩගින්නක් දනෙන්නව,පලවෙනි දේ හිත පාලනය කරගන්න පුරුදු වෙන්න.එක අදහසක් දෙන්නම් එක දවසක හොද කටට කෙල උනන කෑමක් දැක්කම හිත අපිට කන්න බල කරපු වෙලාවක මෙහෙම තීරණයක් ගන්න, නෑ මන් මගෙ වැඩේ ඉවර වෙලාම කනව,නැත්තම තව පැයකින් කනව කියල,මේ වගෙ ක්‍රම හොයාගන්න,පුරුදු කරන්න. 2) අලුත් අත්දැකීම් වලට ඉඩ දෙන්න.වෙනස් වෙන පරිසරයට හුරු වෙන්න.   සමාන්‍යයෙන්...

තරහව පාලනය කිරීමට ක්‍රම 7ක් (7 tips to control anger)

  "ඔබ තරහින් ඉන්න හැම විනාඩියකින්ම තප්පර හැටක් ඔබ ඔබේ හිතේ,මනසේ සාමය නැති කරගන්නව"(Ralph Waldo Emerson) "ඔබ තරහින් ඉන්න වෙලාවක කතාවක් කරන්න,එය ඔබේ හොදම කතාව වෙනව නිසැකයි,ඔබට ජිවිතේ පුරාම පසුතැවෙන්න වෙන.''(Laurence J. Peter) 1) වචන පාවිච්ච් කිරීමට කලින් හිතන්න.  උණුසුම් අවස්ථාවක අපේ කටින් අපිට පසුතැවෙන්න වෙන විදියෙ වචනයක් කියවෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි.ඒකනිසා අපි දෙයක් කියන්න කලින් පොඩි වෙලාවක් කියන්න තියෙන දේ ගැන හිතල ඊට සුදුසු වච්න පාවිච්චි කරන්න පුරුදු උනොත් තරහව පාලනය කරගන්න ලොකු උදවුවක් වෙයි. 2) ආතතිය නැති කරගන්න ව්‍යායාමවල යෙදෙන්න.  ආතතිය  කියන්නෙත් තරහ ඇති කරන එක හේතුවක්,අපි දෙයක් ගැන හිත හිත හිත් අවුලෙන්,ආතතියෙන් ඉන්නකොට අපිට වෙන හැමඩෙයක්ම ප්‍රශ්නයක් ව්දියට පේන්න ගන්නව,කෙනෙක් අපිත් එක්ක කතා කරත් වරදක් අඩුපාඩුවක් පෙන්න ගන්නව අපිට ඉබේටම තරහ යනව.ඒකනිස ආතතිය නැති කරගන්න පියවර ගන්න,හොදම දේ ව්‍යායාමවල යෙදෙන එකයි. 3) තරහව ආපු ගමන්ම පුලුවන් ඉක්මනින් පොඩි break එකක් ගන්න. ඔබ කරන වැඩේ පොඩ්ඩකට අමතක කරල තමන්ම ඉන්න තැන ඉදන්ම හිතට පොඩි bre...