ෆ්ලොයිඩ් මේවෙදර් යනු 2014 වසරේ වැඩිම ආදායම් ලබන මලල ක්‍රීඩකයාය. ඔහු වසර පහක් තරම් කුඩා කාලයේ සිට බොක්සිං ක්‍රීඩාව පුරුදු පුහුණු වන්නේය. දවසෙන් හතරෙන් තුනකටත් වඩා පමණ කාලයක් බොක්සිං ක්‍රීඩාව වෙනුවෙන් කැප කරන්නේය. තම අරමුණ වෙනුවෙන් කල හැකි සියල්ලම දැඩි උත්සාහයෙන් හා නොසැලෙන උනන්දුවෙන් ඉටු කරන්නේය. ඔහු වාසනාවට හෝ වෙනත් අදිසි බලයකින් අද සිටින තැනට පමිණියෙකු නොවේ. ඔහු අද සිටින තැන පෙර ඔහු කළ කැපකිරීම් වල ප්‍රතිඵලයයි.
1# සාර්ථකත්වය එක රැයකින් ළගාකරගත නොහැක. (Success is not something you get overnight.)
ෆ්ලොයිඩ් මේවෙද(ර්) එක් රැයකින් සාර්ථක වූවකු නොවේ. ඔහු වසර පහේ සිට පුහුණු වන්නේය, දැනුදු හැකි සෑම විටම ඔහු පුහුණු වන්නේය. තම අරමුණ වෙනුවෙන් කල හැකි සෑම අයුරකම කැප කිරීම් කරන්නේය. ඔහු අහඹු ලෙස සාර්ථක වන්නෙකු නොවේ. ඔහු නිරන්තරව සාර්ථක වන්නෙකි.සාර්ථකත්වය එක් රැයකින් ළඟාකරගත හැකි දෙයක් හෝ අහඹුවක් නොවේ. එය ඔබ නිරන්තරව උත්සාහ කිරීමෙන් ලඟා කරගත යුතු දෙයකි.
2# වැඩ කිරීමකින් තොර දක්ෂතාවය ඵල නොදරයි. (Talent without work is useless.)
ඔබ සතුව කෙතරම් හැකියාවක් දක්ෂතාවයක් තිබුනද ඔබ එම හැකියාව භාවිත නොකරන තාක්කල් ඔබට කිසිත් නොලැබේවි. අති දැවැන්ත ගී ගැයීමේ හැකියාවක් සහිත මිනිසකු ගැන සිතන්න. ඔහු කිසිදා ගී නොගැවූයේ නම් ඔහුගේ ජීවිතයෙන් හෝ ඔහුගේ හැකියාවෙන් ඔහුට හෝ අපට ඇති ඵලය කිම. ෆ්ලොයිඩ් මේවෙදර් ඔහුට වසර පහේ සිට බොක්සිංග් ක්‍රීඩාවේ නියැලෙයි. ඔහු එසේ නොකරන්නට කිසිදා ඔහු ලොව වැඩිම ආදායම් ලබන මලල ක්‍රීඩාකයා බවට පත් නොවනු ඇති.
ඔබ තුල ඇති දක්ෂතාවයන් හදුනාගෙන එය වැඩි දියුනු කිරීමටත් නිරන්තර එය භාවිත කිරීමටත් එයින් හැකි උපරිම ඵල නෙලා ගැනීමටත් ඔබ උනන්දු විය යුතුය.
3# ඔබට පැමිණෙන ප්‍රශ්ණ වලට වඩා ඔබ විශාල වන්න. (Be bigger than the problems.)
ෆ්ලොයිඩ් මේවෙදර්ගේ පියා කොකේන් ගණුදෙනු කිරීම සම්බන්දයෙන් සිරගත කෙරුණි. ඔහුගේ මව මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූ කාන්තාවකි, ඔහුගේ පවුලේ සාමාජිකයින් හත්දෙනාටම ජීවත් වීමට තිබුනේ එක් කාමරයකි. නමුත් ඔහු කිසි දෙයකින් සැලුනේ නැත. ඔහු සෑම විටම ඔහුට එන බාධක වලට වඩා එරෙහිව නැගී සිටියේය, ඔහුගේ සිහින සහ අභිප්‍රායන් ඔහුට එන බාධක වලට වඩා විශාල විය.ප්‍රශ්ණ නොමැති පුද්ගලයෙකු මෙලොව නොමැති තරම්ය. ඔබට පැමිණෙන ප්‍රශ්ණ සහ එම ප්‍රශ්ණ වල විශාලත්වය ඔබ සාර්ථක වන ප්‍රමාණයට අනුලෝමව සමානුපතික වේ.
4# ඔබව විශ්වාස කරන්න.(Trust in yourself.)
මේවෙදර්ගේ සාර්ථකත්වය පළමුව සිතින් දකින්නේ ඔහුය. කිසිවෙකු කිසිවිටකත් ඔහු සාර්ථක වන අයුරු නොදකී. ඔහුට උපකාරද නොකරයි. දිනෙක ඔහු සාර්ථක වන අයුරු ඔහු තම මනසේ දකී. ඉන්පසු එය යථාර්තයක් කිරීමට ඔහු වසර පහේ සිට වෙහෙසෙයි. දවසේ වැඩි කොටසක් එය වෙනුවෙන් කැප කරයි. ලොව කුමක් කීවත් ඔබ ඔබ පිළිබද විශ්වාස කල යුතුය. අසීමිතව විශ්වාස කල යුතුය. යමක් කිරීමට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය හිතට සහ ගතට ලැබෙන්නේද එවිටය.
ලොව අන් සෑම දෙනෙකුටම වඩා ඔබ ඔබ පිළිබද විශ්වාස කරන්න. සාර්ථකත්වයේ මූලාරම්භය එයයි.
5# අවශ්‍ය පමණට වඩා වැඩ කරන්න. ( Work more than necessary)
ලොව දිනෙන් දින තරඟකාරී වෙමින් පවතී. සියල්ලම පාහේ යම් කිසිවක නියැළේ. ඔවුන් සෑමදෙනාම සාර්ථක වීමට වෙරදරන්නේය. එබැවින් ඔවුන්ට වඩා ඔබ සාර්ථක වීමට නම් ඔවුන්ට වඩා ඔබ සාර්ථාක විය යුතුය. ඔබ ඔවුන්ට වඩා කැප විය යුතුය. ෆ්ලොයිඩ් මේවෙදර් කිසිවෙක් පවසන තුරු ඉන්නේ නැත. ඔහු නිරන්තරයෙන්ම ඔහුට හැකි උපරිමය කරන්නේය, අන් අයටා වඩා නිරතුරුවම කැප වෙන්නේය. තම ජීවිතයේ අරමුණ තේරුම්ගෙන ජීවිතයෙන් ගත හැකි උපරිම ප්‍රයෝජනය ලබන්නේය.
ඔබ මන්දෝත්සාහී නම් හෝ අළුතින් යමක් සිතන්නෙක් කරන්නෙක් නොවේ නම් ඔබ කිසිදා සාර්ථක නොවනු ඇති. ඔබ යමක් පමණට කරන්නෙක් නම් ඔබ යමක් ලබනු ඇති. නමුත් ඔබ පමණට වඩා කරන්නෙක් නම් නියත්වම ඔබ සාර්ථකත්වයේ හිනි පෙත්තටම නගිනු ඇති.