සතුටින් ඉන්න ක්‍රම 5ක්...(විද්‍යාත්මකව ඔප්පු කර ඇති ක්‍රම 5කි.)-5 scientifically proven ways to be happy!
සල්ලි මහා ගොඩක් තියෙන සමහර අයටවත් සතුට කියන දේ නෑ. සතුටින් ඉන්න සල්ලිවත් ධනය වත් ඕන නෑ.... ශරීර සෞඛ්‍ය, මානසික සෞඛ්‍ය සහ සමාජීය සෞඛ්‍ය කියන තුන සමබරව පත්වාගෙන යන්න පුළුවන්නන් ඉබේටම සතුට අපි ලඟට ඒවි. සත පහක් අතේ නැති උනත් ගොඩාක් සතුටින් ඉන්න පුළුවන් අපිට. ඕ...න්න පහල තියෙනව සතුටින් ඉන්න, සතුට වැඩි කරගන්න පුළුවන් ක්‍රම 5ක්...
1 ක්‍රමය...
දවසට අවම වශයෙන් මිනිත්තු 7ක් වත් ව්‍යායාම කිරීම තුලින් ඔබට ලැබෙන්නා වූ ශාරිරික සුවය ඔබගේ මානසික සෞඛ්‍ය කෙරෙහි සෘජුවම බලපාන බව විද්‍යාත්මකව ඔප්පු කර ඇත. ව්‍යායාම කිරීම තුලින් විෂාදය හා ආතතිය විශාල ප්‍රමාණයකින් අවම කර ගත හැකි බව සොයා ගෙන ඇත.2 ක්‍රමය...
සුව නින්දක් ලැබීම තුලින් දිවා කාලයේ විඩාවට පත් වූ ශාරීරික පත්ධති සඳහා මෙන්ම සිතටද සුවයක් සහ නව ජීවයක් ගෙනේ.ඔබ කරන්නාවූ වැඩ සහ වැඩ ප්‍රමාණය සම්බන්ධයෙන් තෘප්තිමත් වන සිත ඔබ කෙතරම් ඵලදායී පුද්ගලයෙක්දැයි ඔබට වටහාදේවි. ඔබටම ඔබ ගැන ඇතිවන්නාවූ සතුටින් නිබදවම ඔබ සිනහවකින් මුව සරසාගත්තකු වනු ඇති.
3 ක්‍රමය...
ඔබගේ දවසින් වැඩිමනක් කාලය ඔබගේ මිතුරන්, ආදරණීයයන් හා පවුලේ අය සමඟ සිටින්න. ඔවුන් සමඟ ප්‍රශ්ණ කතා කරන්න ඒවාට සාමූහිකව පිළිතුරු සොයන්න. ඔවුන් සමඟ සතුටු හිතෙන යමක නියැලෙන්න. කෙටි විනෝද ගමනක් යෑම, චිත්‍රපටයක් බැලීමට යෑම වැනි දෙයක් හෝ අවම වශයෙන් ඔවුන් සමඟ එක්ව කෑම වේලක් පිසීම වැනි සරල දෙයක් කිරීමෙන් හෝ ජීවිතයේ විවිධත්වය විඳින්න.
4 ක්‍රමය...
සිනාසීමට පුරුදු වන්න. අප අතර සිටින බොහෝ දෙනෙකු සිනාසීම පුරුද්දක් කරගත්තෝ නොවෙති. එබැවින් අඩුම තරමේ ඔබවත් සිනාසෙන්න. ඔබ සතුටින් බව අන් අයට දැනේවි. ඔවුන්ද සිනාසීමට පුරුදු වේවි. එවිට සිදුවන ස්නායුමය සැහැල්ලු වීම තුලින් ලැබෙන උත්තේජනයෙන් හා අන් අය සමග නිරන්තරයෙන් සිනාසීම තුලින් ලැබෙන තෘප්තියෙන් ඔබ නිරන්තර සතුටින් සිටීවි. එමෙන්ම ඔබට වඩා සාර්ථක සහ වඩාත් ඵලදායී වූ තීරණ ගැනීමට ද ඔබට සිනහව සහ සතුට ඉවහල් වේවි.5 ක්‍රමය...
භාවනා කරන්න. දිනකට විනාඩි 10ක් හෝ භාවනා කිරීම තුලින් මානසික ඒකාඝ්‍රතාවයද, නිවුණු ස්වභාවයද, සිතට දැනෙන සැහැල්ලුව හා ප්‍රශ්ණ දෙස විවිධ කෝණ වලින් බලා වඩාත් සාර්ථක වූ තීරණ ගැනීමේ හැකියාවද භාවනා කිරීම තුලින් ඔබට ලබාගත හැකි වේවි. මෙලෙස ඇතිවන නිවීම, සැහැල්ලුව ඔබට මොලයේ පවතින හදිසි කලබල ගති නැති කර සතුට සැහැල්ලුව ප්‍රදානය කරනු ඇති.