Skip to main content

ධනාත්මකව සිතීමට පුරුදු වීමට ක්‍රම 5ක්... (5 easy ways to start thinking positively)



ඔබ ධනාත්මක පුද්ගලයෙක් කියා ඔබට සිතේ නම් මේ ප්‍රශ්න,ඔබෙන්ම අසන්න.

1 ඔබ උද්යෝගිමත් පුද්ගලයෙක්ද?

2 ඔබ තමා ගැන විශ්වාස කරනවද?

3 ඔබ ඔබගෙ අදහස් වලට ගරු කරන කෙනෙක්ද?

4 ඔබ අභියෝග වලට මුහුණ දීමට කැමති කෙනෙක්ද?

5 ඔබ සමාජයේ කැපී පෙනෙන චරිතයක්ද?


මේවාට උත්තරය "ඔව්" නම් ඇත්තෙන්ම ඔබ ධනාත්මක පුද්ගලයෙක්.
එහෙත් ඔබේ පිලිතුර "නැත" නම් ඔබ ධානාත්මක පුද්ගලයෙක්ද යන
වග ඔබට දෙපාරක් සිතීම්ට සිදුවේ.

ඔබ ධනාත්මකව සිතන කෙනෙක් නොවේ නම් ඔබ එසේ සිතීමට පුරුදු විය යුතුයි.මොකද ඔබ ඍනාත්මක වෙන තරමට ඔබට ජීව්ත් වීම අපහසු වෙනව.ඔබ ජිවිතයට මුහුණ දෙන්න බ්ය වෙනව,ඔබටත් නොදැනීම ඔබ හුදකලා ගුප්ත චරිතයක් වීමට ඉඩ තියෙනව.



මෙම ක්‍රම පහ මගින් ඔබ ඍනාත්මක පුද්ගලයෙක් නම් ඔබට ධනාත්මක වීමට හුරු කරවයි,මෙය කියවන සැනින් එය කිරීමට අපහසුයි.එහෙත් දිනෙන් දින එය පුරුදු කරන්න.ඔබට ඍනාත්මක සිතිවිල්ලක් එන හැමවෙලවකම මෙය මතකයට ගෙන හිතට පුරුදු කරන්න.ටිකෙන් ටික එය ඔබට පුරුද්දක් වී,ක්‍රම ක්‍රමයෙන් ඔබ ධනාත්මක පුද්ගලයෙකු වෙනව සහතිකයි.





1)  දෙයක් කරන්න පුලුවන්ද බැරිද කියල හිතන්න කලින් එක කරන විදියක් ගැන හිතන්නඒක සාර්ථක වුනොත් ඇති වෙන හොද ගැන හිතන්න පුරුදු වෙන්න.











2)  පුලුවන් හැමවෙලාවෙම open වෙන්න,තමන්ගෙ හිතේ තියන අදහස් පිටතටත්අන් අයගෙන් අලුත් දෙවල් ඉගෙනීමටත් පෙන්වීමටත් බය නොවෙන්න,තමන්ව විශ්වස කරන්න.








3)  හැමවෙලාවෙම උද්යෝගිමත් වෙන්න,තමන් මොන වැඩේ කරත් එය ගැන හිත හිතා ඉන්නෙ නැතුව උද්යෝගයෙන් ඒකට මුහුණදෙන්න,සාර්ථක කරගන්න පෙළඹෙන්න.








4)  වැරදීම් වලින් ඉගෙන ගන්න,ඔබෙ ජීවිතයට වගකිය යුත්තෙ ඔබයි.
ඔබේ අතින් ඔබට හෝ වෙනත් කෙනෙකුට හෝ mistake එකක් උනොත්
ඒක පුලුවන් ඉක්මනින් හරිගස්සන්න,එයින් දෙයක් ඔබ ඔබෙ ජීවිතයට ඉගෙන ගන්න,ඒ වරද නැවතත් නොවෙන්න වග බලා ගන්න.




5)  විශේෂිතම දෙය තමයි සිතුවීලි පාලනය.මට පුලුවන් වෙයිද,බැරි වෙයිද,බැරි උනොත්,මෙච්චර දෙයක් මට බෑ,මේකට මං සුදුසු නෑ,ලැජ්ජ වෙන්න වෙයිද,වගේ ඍනාත්මක ආකල්ප තමන්ම control කරගන්න ඕන.ඒ වෙනුවට "yes i can" ඔව් මට පුලුවන් යන ආකල්පය පුරුදු කරගන්න.





දවසින් දවස මෙසේ ධනාත්මකව සිතන්න පුරුදු වෙන්න,උත්සහ කරල බලන්න,ටිකෙන් ටික ඔබටම ඔබෙ ජිවිතෙ ගැන සැහැල්ලුවක් දැනෙවි,ජීවිතේ පහසු වේවි. 

 
Author pic නෙලංක රන්සර(Nelanka ransara)

Popular posts from this blog

සතුටින් ඉන්න ක්‍රම 5ක්...(විද්‍යාත්මකව ඔප්පු කර ඇති ක්‍රම 5කි.)-5 scientifically proven ways to be happy!

සල්ලි මහා ගොඩක් තියෙන සමහර අයටවත් සතුට කියන දේ නෑ. සතුටින් ඉන්න සල්ලිවත් ධනය වත් ඕන නෑ.... ශරීර සෞඛ්‍ය, මානසික සෞඛ්‍ය සහ සමාජීය සෞඛ්‍ය කියන තුන සමබරව පත්වාගෙන යන්න පුළුවන්නන් ඉබේටම සතුට අපි ලඟට ඒවි. සත පහක් අතේ නැති උනත් ගොඩාක් සතුටින් ඉන්න පුළුවන් අපිට.   ඕ...න්න පහල තියෙනව සතුටින් ඉන්න, සතුට වැඩි කරගන්න  පුළුවන් ක්‍රම 5ක්... 1 ක්‍රමය... දවසට අවම වශයෙන් මිනිත්තු 7ක් වත් ව්‍යායාම කිරීම තුලින් ඔබට ලැබෙන්නා වූ ශාරිරික සුවය ඔබගේ මානසික සෞඛ්‍ය කෙරෙහි සෘජුවම බලපාන බව විද්‍යාත්මකව ඔප්පු කර ඇත. ව්‍යායාම කිරීම තුලින් විෂාදය හා ආතතිය විශාල ප්‍රමාණයකින් අවම කර ගත හැකි බව සොයා ගෙන ඇත. 2 ක්‍රමය...   සුව නින්දක් ලැබීම තුලින් දිවා කාලයේ විඩාවට පත් වූ ශාරීරික පත්ධති සඳහා මෙන්ම සිතටද සුවයක් සහ නව ජීවයක් ගෙනේ.ඔබ කරන්නාවූ වැඩ සහ වැඩ ප්‍රමාණය සම්බන්ධයෙන් තෘප්තිමත් වන සිත ඔබ කෙතරම් ඵලදායී පුද්ගලයෙක්දැයි ඔබට වටහාදේවි. ඔබටම ඔබ ගැන ඇතිවන්නාවූ සතුටින් නිබදවම ඔබ සිනහවකින් මුව සරසාගත්තකු වනු ඇති. 3 ක්‍රමය... ඔබගේ දවසින් වැඩිමනක් කාලය ඔබගේ මිතුරන්, ආදරණීයයන් හා පවුලේ අය සමඟ සි...

ඔබගේ මානසික ශක්තිය වැඩි කරගැනීමට ක්‍රම 5ක් (5 Ways To Increase Your Mental Strength)

මිනිසෙකුගේ මානසික ශක්තිය යනු ඔහුගේ සාර්තකත්වයට,ජීවිතයට විශාල ලෙස බලපාන සාධකයකි.තීරණයක් ගැනීමට,ජීවිතයට මුහුන දීමට සහ හොද නරක තෝරා ගැනීමට අපිට හොද මනසක් තිබිය යුතුයි.ඒ වගේම ප්‍රශ්න වලට මුහුණ දීමට මෙන්ම වැටීම්,නැගීම් අතරින් ඒ මනස නිරවුල්ව තබාගැනීමට මනස ශක්තිමත් විය යුතුයි.   1) ඔබ ඔබේ සිත පාලනය කරගන්න නැතිනම් එය ඔබව පාලනය කරාවි. මූලිකම දේ වෙන්නෙ ඔබේ සිත එය ක්‍රියාත්මක වෙන විදියටම තමයි අපිත් ක්‍රියාත්මක වෙන්නෙ. මෙහි හිත පාලනය කියන්නෙ ඇත්තටම හැමවෙලාවෙම හිත අපිට කරන්න කියන දේවල් නොකර ඉන්න එකයි,උදාහරණයක් විදියට අපි රස කෑමක් දකිනව,එක දැකල අපේ බඩගින්න හොදටම වැඩි වෙනව.හිත අපිට කන්න කන්න කියනව,අවේලාවක් වෙන්න පුලුවන් එත් හිත අපිට කියන නිසා අපිට බඩගින්නක් දනෙන්නව,පලවෙනි දේ හිත පාලනය කරගන්න පුරුදු වෙන්න.එක අදහසක් දෙන්නම් එක දවසක හොද කටට කෙල උනන කෑමක් දැක්කම හිත අපිට කන්න බල කරපු වෙලාවක මෙහෙම තීරණයක් ගන්න, නෑ මන් මගෙ වැඩේ ඉවර වෙලාම කනව,නැත්තම තව පැයකින් කනව කියල,මේ වගෙ ක්‍රම හොයාගන්න,පුරුදු කරන්න. 2) අලුත් අත්දැකීම් වලට ඉඩ දෙන්න.වෙනස් වෙන පරිසරයට හුරු වෙන්න.   සමාන්‍යයෙන්...

තරහව පාලනය කිරීමට ක්‍රම 7ක් (7 tips to control anger)

  "ඔබ තරහින් ඉන්න හැම විනාඩියකින්ම තප්පර හැටක් ඔබ ඔබේ හිතේ,මනසේ සාමය නැති කරගන්නව"(Ralph Waldo Emerson) "ඔබ තරහින් ඉන්න වෙලාවක කතාවක් කරන්න,එය ඔබේ හොදම කතාව වෙනව නිසැකයි,ඔබට ජිවිතේ පුරාම පසුතැවෙන්න වෙන.''(Laurence J. Peter) 1) වචන පාවිච්ච් කිරීමට කලින් හිතන්න.  උණුසුම් අවස්ථාවක අපේ කටින් අපිට පසුතැවෙන්න වෙන විදියෙ වචනයක් කියවෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි.ඒකනිසා අපි දෙයක් කියන්න කලින් පොඩි වෙලාවක් කියන්න තියෙන දේ ගැන හිතල ඊට සුදුසු වච්න පාවිච්චි කරන්න පුරුදු උනොත් තරහව පාලනය කරගන්න ලොකු උදවුවක් වෙයි. 2) ආතතිය නැති කරගන්න ව්‍යායාමවල යෙදෙන්න.  ආතතිය  කියන්නෙත් තරහ ඇති කරන එක හේතුවක්,අපි දෙයක් ගැන හිත හිත හිත් අවුලෙන්,ආතතියෙන් ඉන්නකොට අපිට වෙන හැමඩෙයක්ම ප්‍රශ්නයක් ව්දියට පේන්න ගන්නව,කෙනෙක් අපිත් එක්ක කතා කරත් වරදක් අඩුපාඩුවක් පෙන්න ගන්නව අපිට ඉබේටම තරහ යනව.ඒකනිස ආතතිය නැති කරගන්න පියවර ගන්න,හොදම දේ ව්‍යායාමවල යෙදෙන එකයි. 3) තරහව ආපු ගමන්ම පුලුවන් ඉක්මනින් පොඩි break එකක් ගන්න. ඔබ කරන වැඩේ පොඩ්ඩකට අමතක කරල තමන්ම ඉන්න තැන ඉදන්ම හිතට පොඩි bre...