Skip to main content

Posts

Showing posts from 2014

සාර්ථක දවසක් වෙනුවෙන් උදෑසන කල හැකි දේවල් 5ක්... (5 things you can do to make your day more successful.)

01) හිරුට පෙර අවදිවන්න... (Wake up before sun.) ඔබ ඉර පෑයීමට පෙර එක් දිනක් අවදි වී බලන්න. වටපිටාව බොහෝ සුන්දරය. තවම බොහෝ දෙනෙක් අවදි වී නොමැත. ඔබට ඔබ අන් අයට වඩා විශේෂ බවත් ඔබ අන් අයට වඩා ඉදිරියෙන් බවත් දැනේවි. සාර්ථක උදෑසනක් සාර්ථක දවසක් ඔබට ප්‍රදානය කරනු ඇත. 02) විනාඩි 7ක් ව්‍යායාම කරන්න... (Exercise 7 minutes a day.) ව්‍යායාම කිරීමට බොහෝ වේලා ගෙන ඔබේ දවසම වෙහෙසකර කර නොගෙන ඉතා සරල හා සැහැල්ලු ඔබට නිරන්තරයෙන් කළ හැකි ව්‍යායාම කිහිපයක් තෝරාගෙන සෑමදාම පුරුද්දක් ලෙස එම ව්‍යායාමය  කිරීම ආරම්භ කරන්න. වඩා සාර්ථක දවසක් උදෙසා ඔබගේ දවසින් විනාඩි 7ක් කැපකිරීමට පුරුදු වන්න.  03) උදෑසන ආහාරය ඉතා වැදගත්... (Breakfast is a must.) හැකි සෑම විටම ස්වභාවික දෙයක් ආහාරයට ගැනීමට හුරුවන්න. නින්දෙන් පසු ඔබගේ සිරුරට ශක්තිය අවශ්‍යයි, එබැවින් පෝෂ්‍යදායී ආහාරයක් ගන්නා. සෑමදාම නිශ්චිත වේලාවකට අහාර ගැනීමට හුරුවෙන්න. උදෑසන ආහාරයට මස්, මාළු ගැනීමෙන් වලකින්න. පැහැදිලි මනසකින් යුක්තව අහාර ගන්න. කුස පිරෙන තරම් නොව, කුසට සැහැල්ලුවක් දැනෙන තරමට ආහාර ගෙන ශක්තිමත්ව දවසට මුහුණ දෙන්න. 04) විනාඩි 5ක...

ඔබේ ආදායම වැඩි කර ගෙන ජීවිතය සාර්ථක ගත හැකි ක්‍රම 8ක්... (8 ways to increase your income and make your life

ලැබෙන අදායම මදිද? තාම අම්මලගෙ සල්ලි වලින්ද ජීවත් වෙන්නේ? සල්ලි නිසාම ප්‍රශ්ණ වලින් ජීවිතේ පිරිලද? එහෙනං නිකමට ටික වෙලාවක් අරන් කියවන්න.  01) ඔබ සෑමදාම කරන දෙය කිරීම නවත්වන්න.(Stop doing what you are doing.) ඔබට ආදායම වැඩි කරගැනීමට අවශ්‍ය යැයි සිතෙන්නේ ඔබට දැනට ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවන නිසාය. ඉතින් ඔබ දැනට කරන දෙය එලෙසම කරගෙන යෑමෙන් ඇති ඵලය කිම. එනිසා ඔබ කරන දෙය නවතා අළුත් යමක් කරන්න, නැතිනම් දැනට කරන දෙය නව ආරකින් කරන්න. ඔබ එකම තැන සිට එකම ලෙසකට ගලක් උඩට විසිකරන ගමන් එය වෙනස් තැනකට වැටේවි සිතන්නේ නම් ඔබ වැන්නෙකුට කියන නම උන්මන්තකයා හැර වෙන කුමක්ද. 02)දැනට ඔබ සතුව ඇති මුදලට ඔබව තීරණය කිරීමට ඉඩ නොදෙන්න.(Don't let money decide you and your success) ඔබ ණය බරින් මිරිකී සිටින්නකු විය හැකිය, නැතිනම් බැංකු පොතේ ලක්ෂ ගණන් මුදල් ඇත්තකු විය හැකිය, ඔබ කවුරුන් වුවත් දැනට ඔබ සතුව ඇති මුදලට ඔබ තුල ඇති විභවය හෝ ඔබ හෙට ලබාගන්නා සාර්ථකත්වය හෝ තීරණය කල නොහැකිය. ඔබ යන මඟ දනීනම්, ඔබට ඔබ ගැන විශ්වාස නම් ඔබේ සාර්ථකත්වය හා දැනට ඔබේ වත්කම් අතර කිසිඳු සාධණීය සබඳතාවයක් නැත. එනිසා කිසිවිටක...

ෆ්ලොයිඩ් මේවෙද(ර්)ගේ ජීවිතයෙන් අපට ලබා ගත හැකි උපදෙස් 5 ක්... (5 lessons we can learn from floyd

  ෆ්ලොයිඩ් මේවෙදර් යනු 2014 වසරේ වැඩිම ආදායම් ලබන මලල ක්‍රීඩකයාය. ඔහු වසර පහක් තරම් කුඩා කාලයේ සිට බොක්සිං ක්‍රීඩාව පුරුදු පුහුණු වන්නේය. දවසෙන් හතරෙන් තුනකටත් වඩා පමණ කාලයක් බොක්සිං ක්‍රීඩාව වෙනුවෙන් කැප කරන්නේය. තම අරමුණ වෙනුවෙන් කල හැකි සියල්ලම දැඩි උත්සාහයෙන් හා නොසැලෙන උනන්දුවෙන් ඉටු කරන්නේය. ඔහු වාසනාවට හෝ වෙනත් අදිසි බලයකින් අද සිටින තැනට පමිණියෙකු නොවේ. ඔහු අද සිටින තැන පෙර ඔහු කළ කැපකිරීම් වල ප්‍රතිඵලයයි.    1# සාර්ථකත්වය එක රැයකින් ළගාකරගත නොහැක. (Success is not something you get overnight.) ෆ්ලොයිඩ් මේවෙද(ර්) එක් රැයකින් සාර්ථක වූවකු නොවේ. ඔහු වසර පහේ සිට පුහුණු වන්නේය, දැනුදු හැකි සෑම විටම ඔහු පුහුණු වන්නේය. තම අරමුණ වෙනුවෙන් කල හැකි සෑම අයුරකම කැප කිරීම් කරන්නේය. ඔහු අහඹු ලෙස සාර්ථක වන්නෙකු නොවේ. ඔහු නිරන්තරව සාර්ථක වන්නෙකි. සාර්ථකත්වය එක් රැයකින් ළඟාකරගත හැකි දෙයක් හෝ අහඹුවක් නොවේ. එය ඔබ නිරන්තරව උත්සාහ කිරීමෙන් ලඟා කරගත යුතු දෙයකි.  2# වැඩ කිරීමකින් තොර දක්ෂතාවය ඵල නොදරයි. (Talent without work is useless.) ඔබ සතුව කෙතරම් හැකියාවක...

ඩිස්ලෙක්ශියාව නිසා ඔලී මිලියනපතියෙකු වේවි... (Dislexia will make Ollie a millionaire...)

  Image credit:- www.ollieshop.co.uk ඔහු ඩිස්ලෙක්සියාවේ ගොදුරක් වී තිබුණු හෙයින් අධ්‍යාපනය ඔහුට උරුම නොවීය. ඔහුට නිරන්තර උරුමවූ එකම දෙය වූයේ පාසලේ සිසුන්ගෙන් එල්ල වන උසුළු විසුළු සහ වේදනාකාරී වදන් පමණි. නමුත් ඔහුගේ සිත මේවාට යටත් වීමට සූදානම් නොවීය. අධ්‍යාපනය නොමැති නම් ජීවිතය සාර්ථක කර ගත හැකි වෙනත් ක්‍රමයක් තිබිය යුතුම යැයි ඔහු තරයේ විශ්වාස කළේය. ඔලීට වයස අවුරුදු 13 වූවා පමණි.  ඔහූ සැබැවින්ම කුමක් කළ යුතුදැයි නිශ්චිතවම දැන සිටියේ නැත. නමුත් ඔහු සතු විශ්වාසය අංශු මාත්‍රයකුදු අඩුවූයේද නැත. ඔහුට විහිළු කළ අයට සහ ඔහුගේම ආත්මයට ඔහු යමක් ඔප්පු කර පෙන්විය යුතුව තිබුණි. එබැවින් ඔහු එම සටන ඇරඹුවේය නමුත් දැඩි උනන්දුව හා ආත්ම විශ්වාසය හැරෙන්නට ඔහු සතු දෙයක් නොවීය. ඔහුට කල හැකි පළමු දෙය වූයේ ගෙදර තණකොල කැපීම හා සුරතලාව බලාගැනීමයි. ඉතා කුඩා මුදලක් ඔහුට එයින් සොයාගත හැකි විය. ඔහුගේ මීළග පියවර වූයේ ඔහුගේ පියාගේ අවන්හලේ ඇති කෝපි තැන තැන ගොස් විකිණීමයි. ඔහු කරන්නේ කුමක් වුව උපයන සෑම සතයක්ම ඉතිරි කිරීමට ඔහු වග බලා ගත්තේය. (හොඳම දුරකථනවත් විලාසිතාවත් ඔහුට අවශ්‍ය නොවීය. ඔහුට අවශ්‍යවූ එකම...

තරහව පාලනය කිරීමට ක්‍රම 7ක් (7 tips to control anger)

  "ඔබ තරහින් ඉන්න හැම විනාඩියකින්ම තප්පර හැටක් ඔබ ඔබේ හිතේ,මනසේ සාමය නැති කරගන්නව"(Ralph Waldo Emerson) "ඔබ තරහින් ඉන්න වෙලාවක කතාවක් කරන්න,එය ඔබේ හොදම කතාව වෙනව නිසැකයි,ඔබට ජිවිතේ පුරාම පසුතැවෙන්න වෙන.''(Laurence J. Peter) 1) වචන පාවිච්ච් කිරීමට කලින් හිතන්න.  උණුසුම් අවස්ථාවක අපේ කටින් අපිට පසුතැවෙන්න වෙන විදියෙ වචනයක් කියවෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි.ඒකනිසා අපි දෙයක් කියන්න කලින් පොඩි වෙලාවක් කියන්න තියෙන දේ ගැන හිතල ඊට සුදුසු වච්න පාවිච්චි කරන්න පුරුදු උනොත් තරහව පාලනය කරගන්න ලොකු උදවුවක් වෙයි. 2) ආතතිය නැති කරගන්න ව්‍යායාමවල යෙදෙන්න.  ආතතිය  කියන්නෙත් තරහ ඇති කරන එක හේතුවක්,අපි දෙයක් ගැන හිත හිත හිත් අවුලෙන්,ආතතියෙන් ඉන්නකොට අපිට වෙන හැමඩෙයක්ම ප්‍රශ්නයක් ව්දියට පේන්න ගන්නව,කෙනෙක් අපිත් එක්ක කතා කරත් වරදක් අඩුපාඩුවක් පෙන්න ගන්නව අපිට ඉබේටම තරහ යනව.ඒකනිස ආතතිය නැති කරගන්න පියවර ගන්න,හොදම දේ ව්‍යායාමවල යෙදෙන එකයි. 3) තරහව ආපු ගමන්ම පුලුවන් ඉක්මනින් පොඩි break එකක් ගන්න. ඔබ කරන වැඩේ පොඩ්ඩකට අමතක කරල තමන්ම ඉන්න තැන ඉදන්ම හිතට පොඩි bre...

ඔබේ යාලුවෙක්ට,ඔබ හොද,ඇත්තම යාලුවෙක් වීමට ක්‍රම 6ක් (6 ways to be a true friend to your friends )

“Don’t wait for people to be friendly. Show them how.” ~Unknown යාලුවෙක් (friend කෙනෙක්) කියල කියන්නෙ කාටද? සතුටෙදි ළග ඉන්න,පාරෙදි දැක්කම"හායි මචන්" කියල යන කෙනාටද.නැත්තම් ලොකෙ තියෙන හැම හොද/නරක වැඩේටම ළගට වෙලා ඉන්න කෙනටද.එහෙමත් නැත්තම් "එල මචන්" කියල ෆිට් 1ක් දීල අපි යමන් කියන ඕනම තැනකට පස්සෙන් එන,පස්සෙන් යන ප්‍රශ්නයක් උනාම වචනෙන් හරි "බොක්ක උනත් දෙනව බන්" කියන කෙනාටද. ඔව්,එක අතකට මේ අයගෙන් කෙනෙක් යාලුවෙක් වෙන්නත් පුලුවන්.ඒත් මං අද කතා කරන්නෙ කෙනෙක්ට යාලුවෙක් වෙන්නෙ කොහොමද කියන එක නෙමෙයි ඊට ගොඩක් දුරට සමානකම් තියෙන,ගොඩක් දුරට වෙනස්,හොද යලුවෙක් වෙන්නෙ කොහොමද කියන එකයි. හොද යාලුවෙක් කියන්නෙ කාටද? හොද යලුවෙක් කියන්නෙ සතුටෙදි වගේම දුකේදිත් ලගින්ම ඉන්න,තමන්ගෙ දුකට,වැරැද්දට හිනා නොවී ඒව හදන්න උත්සහ කරන,තමන්ට ගරු කරන අන් අයටත් ගරු කරන අපිට වැරදීමක් උන තැනකදි අපිට guide කරන්න පුලුවන් සත්වයෙකුටයි,විශේෂිතම දේ නම් ඔහු හො ඇය මිනිස් සත්වයෙකුම වීම අත්‍යාවශය නැත.අත්‍යාවශය දේ වන්නේ හොද යාලුකමක් (friendship එකක්) පමණයි. ඔබ තවත් කෙනෙක්ට,හොද යාලුවෙක් වෙන්නෙ ...

ඔබගේ මානසික ශක්තිය වැඩි කරගැනීමට ක්‍රම 5ක් (5 Ways To Increase Your Mental Strength)

මිනිසෙකුගේ මානසික ශක්තිය යනු ඔහුගේ සාර්තකත්වයට,ජීවිතයට විශාල ලෙස බලපාන සාධකයකි.තීරණයක් ගැනීමට,ජීවිතයට මුහුන දීමට සහ හොද නරක තෝරා ගැනීමට අපිට හොද මනසක් තිබිය යුතුයි.ඒ වගේම ප්‍රශ්න වලට මුහුණ දීමට මෙන්ම වැටීම්,නැගීම් අතරින් ඒ මනස නිරවුල්ව තබාගැනීමට මනස ශක්තිමත් විය යුතුයි.   1) ඔබ ඔබේ සිත පාලනය කරගන්න නැතිනම් එය ඔබව පාලනය කරාවි. මූලිකම දේ වෙන්නෙ ඔබේ සිත එය ක්‍රියාත්මක වෙන විදියටම තමයි අපිත් ක්‍රියාත්මක වෙන්නෙ. මෙහි හිත පාලනය කියන්නෙ ඇත්තටම හැමවෙලාවෙම හිත අපිට කරන්න කියන දේවල් නොකර ඉන්න එකයි,උදාහරණයක් විදියට අපි රස කෑමක් දකිනව,එක දැකල අපේ බඩගින්න හොදටම වැඩි වෙනව.හිත අපිට කන්න කන්න කියනව,අවේලාවක් වෙන්න පුලුවන් එත් හිත අපිට කියන නිසා අපිට බඩගින්නක් දනෙන්නව,පලවෙනි දේ හිත පාලනය කරගන්න පුරුදු වෙන්න.එක අදහසක් දෙන්නම් එක දවසක හොද කටට කෙල උනන කෑමක් දැක්කම හිත අපිට කන්න බල කරපු වෙලාවක මෙහෙම තීරණයක් ගන්න, නෑ මන් මගෙ වැඩේ ඉවර වෙලාම කනව,නැත්තම තව පැයකින් කනව කියල,මේ වගෙ ක්‍රම හොයාගන්න,පුරුදු කරන්න. 2) අලුත් අත්දැකීම් වලට ඉඩ දෙන්න.වෙනස් වෙන පරිසරයට හුරු වෙන්න.   සමාන්‍යයෙන්...

සාමකාමී,සරල ජීවිතයක් ගතකිරීම සදහා පහසු ක්‍රම 8ක් (8 simple ways to spend a peaceful,simple life)

අපිට අපෙ ජීවිතෙ කෙලවර වෙන්න කලින් ඉවර කරගන්න,සැබෑවක් කරගන්න කොච්චර නම් අරමුණු තියෙනවද,හීන තියෙනවද,ඒව ඉටු කරගන්න අපි කොච්චරනම් මහන්සි වෙනවද,එ අතරතුරෙ අපිට කොච්චරනම් ප්‍රශ්න එනවද,ඒ ප්‍රශ්න විසදගන්න අපි කොච්චරනම් මහන්සි වෙනවද,උත්තර හොයනවද,මෙක තමයි අපේ ජීවිත කතාව,වර්තමාන මනුස්සයෙක්ගෙ ඇත්තම ජීවිත කතාව,මේ වර්තමන,තරගකාරී හීන ලෝකෙ අතුලෙ අපිට කොච්චරනම් දෙවල් නැති වෙල ඇත්ද,දැනටමත් නැති වෙමින් පවතිනවද.එයින් එකක් තමයි අපේ ජීවිතෙ සරල,සැහැල්ලුකම.මෙම ක්‍රම අට,සරල,සැහැල්ලුකම නැවත පතන සහ සොයා යන ඔබටයි, 1) ඔබේ ඇතුලතින් අති සාමය,සරල බව සොයා ගන්න .ඔබේ හිතට කැමති,ඔබට අවශ්‍ය සරල බව ඔබ තේරුම් ගන්න.ඒ අනුව ක්‍රියාත්මක වෙන්න. 2) ප්‍රශ්න ගැන ප්‍රශ්නයේ ප්‍රමාණයටත් වඩා ඉහලින් හිතන එක නවත්වන්න.ප්‍රශ්න ගැන පුලුවන් තරම් සැහල්ලුවෙන් හිතන්න ,හැමදේම හොදට යන වග මතක තියාගන්න 3) ඔබේ දරාගැනීමේ හැකියාව දියුණුකරන්න .ඕනැම තත්වයක් යටතේ වුවත් සතුටින් සිනාසී ඒවාට මුහුණ දීමට,දරාගැනීමට හැකියාවක් තිබිය යුතුයි. 4) සාමකාමී ගතිගුණ දියුණු කරන්න .ඔබ කලහකාරී,කුකුල් කේන්තිකරයෙක් නම් ඔබට සාම...

සතුටින් ඉන්න ක්‍රම 5ක්...(විද්‍යාත්මකව ඔප්පු කර ඇති ක්‍රම 5කි.)-5 scientifically proven ways to be happy!

සල්ලි මහා ගොඩක් තියෙන සමහර අයටවත් සතුට කියන දේ නෑ. සතුටින් ඉන්න සල්ලිවත් ධනය වත් ඕන නෑ.... ශරීර සෞඛ්‍ය, මානසික සෞඛ්‍ය සහ සමාජීය සෞඛ්‍ය කියන තුන සමබරව පත්වාගෙන යන්න පුළුවන්නන් ඉබේටම සතුට අපි ලඟට ඒවි. සත පහක් අතේ නැති උනත් ගොඩාක් සතුටින් ඉන්න පුළුවන් අපිට.   ඕ...න්න පහල තියෙනව සතුටින් ඉන්න, සතුට වැඩි කරගන්න  පුළුවන් ක්‍රම 5ක්... 1 ක්‍රමය... දවසට අවම වශයෙන් මිනිත්තු 7ක් වත් ව්‍යායාම කිරීම තුලින් ඔබට ලැබෙන්නා වූ ශාරිරික සුවය ඔබගේ මානසික සෞඛ්‍ය කෙරෙහි සෘජුවම බලපාන බව විද්‍යාත්මකව ඔප්පු කර ඇත. ව්‍යායාම කිරීම තුලින් විෂාදය හා ආතතිය විශාල ප්‍රමාණයකින් අවම කර ගත හැකි බව සොයා ගෙන ඇත. 2 ක්‍රමය...   සුව නින්දක් ලැබීම තුලින් දිවා කාලයේ විඩාවට පත් වූ ශාරීරික පත්ධති සඳහා මෙන්ම සිතටද සුවයක් සහ නව ජීවයක් ගෙනේ.ඔබ කරන්නාවූ වැඩ සහ වැඩ ප්‍රමාණය සම්බන්ධයෙන් තෘප්තිමත් වන සිත ඔබ කෙතරම් ඵලදායී පුද්ගලයෙක්දැයි ඔබට වටහාදේවි. ඔබටම ඔබ ගැන ඇතිවන්නාවූ සතුටින් නිබදවම ඔබ සිනහවකින් මුව සරසාගත්තකු වනු ඇති. 3 ක්‍රමය... ඔබගේ දවසින් වැඩිමනක් කාලය ඔබගේ මිතුරන්, ආදරණීයයන් හා පවුලේ අය සමඟ සි...