Skip to main content

ශක්තිමත් සිත් ඇති මිනිසුන් නොකරන දේවල් 13ක්...

අප සියලු දෙනා ශ්‍රේෂ්ඨ යැයි සම්මත මිනිසුන් කොටසක් ඔවුන්ගේ වියෝවෙන් වසර සිය ගණනකට පසුව වුව ඉමහත් භක්තියෙන්. හද පිරි ගෞරවයෙන් සිහිපත් කරනු ලබයි.ඔවුන් මෙතරම් ශ්‍රේෂ්ඨ වූයේ කෙසේද? පහතින් දැක්වෙන්නේ එවන් ශ්‍රේෂ්ඨ යැයි සම්මත මිනිසුන් තුල පැවති පොදු ගුණාංග කිහිපයකි...

 



01) ඔවුන් ඔවුන්ටම අනුකම්පා කරගනිමින් කාලය නාස්ති නොකරයි.

 සිදුවූයේ කුමක් උවත්, අන් අය ඔව්න්ට සැලකුවේ කෙසේ උවත් ඔව්න් ඒ පිලිබඳවම සිතමින් කල් නොමරයි. ඒ වෙනුවට ජීවිතයේ සැම විටම සතුටම නොපවතින බව වටහාගන්නා ඔවුන් නින්දා ප්‍රශංසා නොතකා තමාගෙන් ඉටු විය යුතු යුතුකම් දැන හැඳින ඒ වෙනුවෙන් ඔවුන්ගේ මුලු ශක්තියම යොදවා උත්සාහයෙන් කටයුතු කරයි.


02)ඔව්න්ගේ ශක්තිය වෙන කිසිවෙක් මත නොරඳවයි.

 අන් අයට ඔව්න්ව පාලනය කිරීමට ඉඩ නොදෙන ශක්තිමත් සිත් ඇත්තෝ කිසිවෙකුත් නිසාවෙන් තමාගේ හැගීම් වල හා ජීවන රටාවේ වෙනසක් වීමට ඉඩ නොදෙයි. තමාගේ සිතේ ස්වාමියා තමාම බවද අන් සියල්ල තමාට පසුව බවද ඔව්න් වටහා ගනී.


03)ඔවුන් වෙනස් වීමට ලැජ්ජා හෝ බිය නොවෙති.

සියලු දේ අස්ථිර බවත් නිරන්තර වෙනස්වීම් වලට භාජනය වන බවද දන්නා මෙවන් මිනිසුන් ධනාත්මකවූත් යහපත්වූත් වෙනස්කම් වලට තම ජීවිතයේ ඉඩ හසර සලසයි. තම සිත වඩාත් නම්‍යශීලී කර ගැනීම තුලින් මෙවන් සුබවාදී වෙනස්කම් වලට අනුගත වීමේ හැකියාව ශක්තිමත් සිත් ඇති මිනිසුන් සතුව පවතී.


04)තමාට වෙනස් කල නොහැකි දේ පිලිබඳව අවධානය යොමු නොකරති.

 තමාට බලපෑම් කල හැකි දේ සහ නොහැකි දේ පිලිබඳව මනා වැටහීමකින් සිටින ශක්තිමත් සිත් ඇත්තෝ තමාට වෙනස් කල හැකි දේ පිලිබඳව අවධානය යොමු කොට සාර්ථකත්වයට පත්වෙයි. වෙනස් කම් කල නොහැකි අවස්ථාවල තමාට පහසුවෙන්ම වෙනස් කර ගත හැකි දේ තමාගේම සිතිවිලි බවද එම අවස්ථාවට මුහුන දිය හැකි හොදම ක්‍රමය එය බවද ඔව්න් වටහාගනී.


05)ඔවුන් සියල්ලන්ම සතුටු කිරීමට උත්සහ නොකරයි.

 

සෑමවිටම සියල්ලන්ම සතුටු කල නොහැකි බව වටහා ගන්නා ශක්තිමත් සිත් ඇති මිනිසුන් එපා දෙයට එපා කීමට හෝ අවශ්‍ය විට කතා කිරීමට හෝ බිය නොවෙයි. කරුණාවන්තව සහ අවංක වීම තුලින් තමාගේ  පෞරෂත්වය වර්ධනය කර ගැනීමටද, සන්නිවේදනය දියුණුකර ගැනීමටද ඔවුන් කටයුතු කරයි.   

06)ඔවුන් අවදානම් ගැනීමට මැලි නොවෙයි.

 

ඔවුන් කිසිවිටෙකත් නොසැලකිලිමත් හෝ අඥානවත් අවදානම් නොගනී,  පළමුව එහි යෙදීමෙන් ලැබෙන්නාවූ වාසි සහ අසාර්ථක උවහොත් ලැබෙන්නාවූ අවාසි පිළිබදවද මනා සිහියෙන් කල්පනාකොට එය ගත හැකි අවදානමක් නම් පමණක් නොබියව එය ගැනීමට ඔවුන් පසුබට නොවෙයි.

07)ඔවුන් අතීතය තුල ජීවත් නොවෙයි.

 කෙතරම් දුක්බර වුවත් කෙතරම් ජයග්‍රාහී වුවත් එය අතීතයයි. හුදෙක්ම අතීතයයි. එය ගැන සිතමින් එහි සිදුවූ දේ ගැන තැවීමද, එය එසේ නොවී මෙසේ වී නම් කොතරම් හොදදැයි සිතමින් කල් ඔවුන් තමන්ගේ වටිනා කාලය ගෙවා නොදමයි. තමාට වෙනස් කල හැකි වර්ථමානයේ ජීවත් වෙමින් අනාගතය උදෙසා වැඩ කිරීම ශක්තිමත් සිත් ඇති මිනිසුන්ගේ ඵලදායී ක්‍රමවේදයයි.


08) ඔවුන් එකම වැරැද්ද යලි යලිත් නොකරයි.

 අතීතයේ සිදුවූ දේ වෙනස් කිරීමට නොහැකි උවද අතීතයෙන් උගත හැකි දේ බොහෝය. අතීතයේ සිදුවූ සියල්ලෙන්ම යමක් තම අත්දැකීම් පොතට එකතු කර ගන්නා මේ මිනිසුන් වඩා යහපත්වූ තීරණ ගැනීම සඳහා මේ අත් දැකීම් යොදාගනී. එබැවින් ඔවුන් කිසිදා අතීතයේ සිදුවූ වැරදි, අතපසුවීම් යලිත් සිදුවීමට ඉඩනොතබයි.


09)අන් අයගේ සාර්ථකත්වය දැක ඊර්ෂියා නොකරයි.

 අන් අයගේ සාර්ථකත්වය දැක සතුටු වීමටද එය් සැමරීමටද තරම් මේ මිනිසුන්ගේ සිත් ශක්තිමත්ය. සාර්ථකත්වය වනාහි අප්‍රහිත ධෛර්යයේත් දුෂ්කරවූ කාර්යයන්ගේ නියැලීමෙත් ප්‍රතිඵලය බව දන්නා මේ මිනිසුන් සෑම විටම සසදන්නේ තම්මට එදිරිව තමා මිසක අන් කවරකුවත් නොවේ.


10)පළමු ඇද වැටීමෙන්ම ඔවුන් උත්සාහය අත් නොහරියි.
ශක්තිමත් සිතකට ඇද වැටීමක් යනු තවත් එය කල නොහැකි ක්‍රමයක් සොයා ගැනීමක් මිසක තම උත්සාහය අත්හැරීමට හේතුවක් නොවේ. නොනවතින උත්සාහයෙන් යුක්ත මෙවන් මිනිසුන් තම අරමුණ ඉටුවනතෙක් එහිම සිත යොදවා තම අරමුණ නියතවම ජය ගනී.

11)ඔවුන් ඉක්මන් ප්‍රතිඵල බලාපොරොත්තු නොවේ.

 එය ඔව්න්ගේ ශාරීරික ව්‍යායාම වේවා, ඔවුන් අරඹන දැවැන්ත ව්‍යාපාරයක් වේවා, එය කුමක් වුවත් ඔවුන් හදිසි,ඉක්මන්, ක්ෂණික ප්‍රතිඵල කිසිවිටෙකත් බලාපොරොත්තු නොවේ. වඩා හොද දේ වඩා වැඩි කාලයක් ගන්නා බව ඔවුන් දනියි. 

මෙම කරුණු සියල්ල ඔබට මෙලෙසම හැමවිටම කල නොහැකි බව අපි දනිමු. විටක මනුශ්‍යත්වයේ නාමයෙන් අපි කෙතරම් නම් කම්පාවට, කඩාවැටීම් වලට ලක් වේද යන වගත් විටක කෙතරම් නම් අතීතයේ සිරවී සිටීමට ප්‍රිය කරනවාද යන්නත් ශ්‍රී ලාංකිකයෙකු ලෙස, මනුශ්‍යයෙකු ලෙස මම දනිමි. නමුත් එවන් අවස්ථාවකදී පවා අප ශක්තිමත්ව සිටීම තුලින් උදවු අවැසි බොහෝ දෙනෙකුට උදවු කිරීමටද, ඔවුන්ට සහනයක් වීම්ටද අපට හැකි වනු ඇත. එබැවින් සබද... සීයට සීයක් නොහැකි වුව උත්සාහ කිරීම හා ප්‍රායෝගික භාවිතයට ගැනීම ඔබටද ඔබ අසල සිටින අයටද
Location
ධනාත්මකවම බලපානු ඇත.

(ඔබ මනසින් වැටී සිටිනවා යැයි ඔබට සිතුනත් සැබැවින්ම එසේ වැටී නැති බවට ඔබ සිතම දෙන සාක්ෂි කියවන්න...)


Popular posts from this blog

ඔබගේ මානසික ශක්තිය වැඩි කරගැනීමට ක්‍රම 5ක් (5 Ways To Increase Your Mental Strength)

මිනිසෙකුගේ මානසික ශක්තිය යනු ඔහුගේ සාර්තකත්වයට,ජීවිතයට විශාල ලෙස බලපාන සාධකයකි.තීරණයක් ගැනීමට,ජීවිතයට මුහුන දීමට සහ හොද නරක තෝරා ගැනීමට අපිට හොද මනසක් තිබිය යුතුයි.ඒ වගේම ප්‍රශ්න වලට මුහුණ දීමට මෙන්ම වැටීම්,නැගීම් අතරින් ඒ මනස නිරවුල්ව තබාගැනීමට මනස ශක්තිමත් විය යුතුයි.   1) ඔබ ඔබේ සිත පාලනය කරගන්න නැතිනම් එය ඔබව පාලනය කරාවි. මූලිකම දේ වෙන්නෙ ඔබේ සිත එය ක්‍රියාත්මක වෙන විදියටම තමයි අපිත් ක්‍රියාත්මක වෙන්නෙ. මෙහි හිත පාලනය කියන්නෙ ඇත්තටම හැමවෙලාවෙම හිත අපිට කරන්න කියන දේවල් නොකර ඉන්න එකයි,උදාහරණයක් විදියට අපි රස කෑමක් දකිනව,එක දැකල අපේ බඩගින්න හොදටම වැඩි වෙනව.හිත අපිට කන්න කන්න කියනව,අවේලාවක් වෙන්න පුලුවන් එත් හිත අපිට කියන නිසා අපිට බඩගින්නක් දනෙන්නව,පලවෙනි දේ හිත පාලනය කරගන්න පුරුදු වෙන්න.එක අදහසක් දෙන්නම් එක දවසක හොද කටට කෙල උනන කෑමක් දැක්කම හිත අපිට කන්න බල කරපු වෙලාවක මෙහෙම තීරණයක් ගන්න, නෑ මන් මගෙ වැඩේ ඉවර වෙලාම කනව,නැත්තම තව පැයකින් කනව කියල,මේ වගෙ ක්‍රම හොයාගන්න,පුරුදු කරන්න. 2) අලුත් අත්දැකීම් වලට ඉඩ දෙන්න.වෙනස් වෙන පරිසරයට හුරු වෙන්න.   සමාන්‍යයෙන්...

සතුටින් ඉන්න ක්‍රම 5ක්...(විද්‍යාත්මකව ඔප්පු කර ඇති ක්‍රම 5කි.)-5 scientifically proven ways to be happy!

සල්ලි මහා ගොඩක් තියෙන සමහර අයටවත් සතුට කියන දේ නෑ. සතුටින් ඉන්න සල්ලිවත් ධනය වත් ඕන නෑ.... ශරීර සෞඛ්‍ය, මානසික සෞඛ්‍ය සහ සමාජීය සෞඛ්‍ය කියන තුන සමබරව පත්වාගෙන යන්න පුළුවන්නන් ඉබේටම සතුට අපි ලඟට ඒවි. සත පහක් අතේ නැති උනත් ගොඩාක් සතුටින් ඉන්න පුළුවන් අපිට.   ඕ...න්න පහල තියෙනව සතුටින් ඉන්න, සතුට වැඩි කරගන්න  පුළුවන් ක්‍රම 5ක්... 1 ක්‍රමය... දවසට අවම වශයෙන් මිනිත්තු 7ක් වත් ව්‍යායාම කිරීම තුලින් ඔබට ලැබෙන්නා වූ ශාරිරික සුවය ඔබගේ මානසික සෞඛ්‍ය කෙරෙහි සෘජුවම බලපාන බව විද්‍යාත්මකව ඔප්පු කර ඇත. ව්‍යායාම කිරීම තුලින් විෂාදය හා ආතතිය විශාල ප්‍රමාණයකින් අවම කර ගත හැකි බව සොයා ගෙන ඇත. 2 ක්‍රමය...   සුව නින්දක් ලැබීම තුලින් දිවා කාලයේ විඩාවට පත් වූ ශාරීරික පත්ධති සඳහා මෙන්ම සිතටද සුවයක් සහ නව ජීවයක් ගෙනේ.ඔබ කරන්නාවූ වැඩ සහ වැඩ ප්‍රමාණය සම්බන්ධයෙන් තෘප්තිමත් වන සිත ඔබ කෙතරම් ඵලදායී පුද්ගලයෙක්දැයි ඔබට වටහාදේවි. ඔබටම ඔබ ගැන ඇතිවන්නාවූ සතුටින් නිබදවම ඔබ සිනහවකින් මුව සරසාගත්තකු වනු ඇති. 3 ක්‍රමය... ඔබගේ දවසින් වැඩිමනක් කාලය ඔබගේ මිතුරන්, ආදරණීයයන් හා පවුලේ අය සමඟ සි...

ඔබේ යාලුවෙක්ට,ඔබ හොද,ඇත්තම යාලුවෙක් වීමට ක්‍රම 6ක් (6 ways to be a true friend to your friends )

“Don’t wait for people to be friendly. Show them how.” ~Unknown යාලුවෙක් (friend කෙනෙක්) කියල කියන්නෙ කාටද? සතුටෙදි ළග ඉන්න,පාරෙදි දැක්කම"හායි මචන්" කියල යන කෙනාටද.නැත්තම් ලොකෙ තියෙන හැම හොද/නරක වැඩේටම ළගට වෙලා ඉන්න කෙනටද.එහෙමත් නැත්තම් "එල මචන්" කියල ෆිට් 1ක් දීල අපි යමන් කියන ඕනම තැනකට පස්සෙන් එන,පස්සෙන් යන ප්‍රශ්නයක් උනාම වචනෙන් හරි "බොක්ක උනත් දෙනව බන්" කියන කෙනාටද. ඔව්,එක අතකට මේ අයගෙන් කෙනෙක් යාලුවෙක් වෙන්නත් පුලුවන්.ඒත් මං අද කතා කරන්නෙ කෙනෙක්ට යාලුවෙක් වෙන්නෙ කොහොමද කියන එක නෙමෙයි ඊට ගොඩක් දුරට සමානකම් තියෙන,ගොඩක් දුරට වෙනස්,හොද යලුවෙක් වෙන්නෙ කොහොමද කියන එකයි. හොද යාලුවෙක් කියන්නෙ කාටද? හොද යලුවෙක් කියන්නෙ සතුටෙදි වගේම දුකේදිත් ලගින්ම ඉන්න,තමන්ගෙ දුකට,වැරැද්දට හිනා නොවී ඒව හදන්න උත්සහ කරන,තමන්ට ගරු කරන අන් අයටත් ගරු කරන අපිට වැරදීමක් උන තැනකදි අපිට guide කරන්න පුලුවන් සත්වයෙකුටයි,විශේෂිතම දේ නම් ඔහු හො ඇය මිනිස් සත්වයෙකුම වීම අත්‍යාවශය නැත.අත්‍යාවශය දේ වන්නේ හොද යාලුකමක් (friendship එකක්) පමණයි. ඔබ තවත් කෙනෙක්ට,හොද යාලුවෙක් වෙන්නෙ ...