Skip to main content

දුගී පැලේ ඉපිද බිලියනපතියෝවූ යුරොපීයයන් 10 දෙනෙක්...

සමහරෙක් පැල්පත් වලද, තවකෙක් මධ්‍යම පාන්තික පවුල් වලද ඉපදිනි. නමුත් සිත කීවේ මෙය ඔබේ තැන නොව කියාම බැවින් ඔවුන් දිරි ගත්තේය. පළමු පියවර තැබුවේය, දෙවන පියවරද තැබුවේය, වැරදෙන තැන් හදාගත්තෙය, තෙවන පියවරද තැබුවේය. තමා යන්නේ නිවැරදි මග බව දැනගත් කල තටු විහිදුවේය පැල්පතේ සිටි පොඩි කොල්ලෝ කාලයත් සමග ඔව්න්ට සරදම් කල දෛවයට සරදම් කිරීමට තරම් ශක්තිමත් විය. මේ එවන් දස දෙනෙකි.

 

 

01)අ(ර්)මන්සිඕ ඔ(ර්)ටේගා ගඕනා.

ස්පාඤ්ඤ ජාතික ව්‍යාපාරික අ(ර්)මන්සිඕ ඔ(ර්)ටේගා ගඕනා Zara, Massimo Dutti, Tempe, Pull, Bear සහ Bershka යන විලාසිතා මැදුරු වල හිමිකරුවාය. 1972 දී ආරම්භ කල ඔහුගේ පළමු ව්‍යාපාරය වූයේ නාන තුවා නිර්මාණය කරන ආයතනයකි. දැනට ගඕනාගේ වත්කම $46.6බිලියන වේ.

02)ඉන්ග්වාර් කම්ප්‍රාඩ්

වයස 14දී තම අසල්වාසීන්ට ගිනි කූරු විකිණූ කම්ප්‍රාඩ් තමා ඉපදුනු කුඩා නගරයේ විටක මාළුද විටක නත්තල් සැරසිලිද විටක පෑන් පැන්සල්ද විටක නොයෙක් ඇට ජාතිද විකිණුවේය. ඔහු පාසලේදී දැක්වූ විශිෂ්ට දක්ෂතාවය වෙනුවෙන් ඔහුට පියාගෙන් ලැබුනු මුදල් මෙම කුඩා කොලුවාගේ ජීවිතයම වෙනස් කලේය. එම මුළු මුදලම යොදවා IKEA නම් තමාගේම ව්‍යාපාරය ආරම්භ කල ඔහු කාලයත් සමග එය මුළු ලොවෙහිම ප්‍රමුඛ වෙලද නාමයක් කිරීමට තරම් සමත් විය.මෙ ස්වීඩ්න ජාතික ව්‍යාපාරිකයාගේ දැනට වත්කම $42.2 බිලියන වේ.

03)කා(ර්)ල් ඇල්බ්‍රෙෂ්ට් සහ තියෝ ඇල්බ්‍රෙෂ්ට්

 මෙම ජර්මානු ජාතික දෙසොහොයුරෝ දෙවන ලෝක යුද්ධයෙන් පසු තම මව පවත්වාගෙන ගිය ඉඩ පහසුකම් සලසා දෙන ව්‍යාපාරය ඔවුන්ගේ යටතට ගත්තේය. අප්‍රහිත ධෛර්යයත් නොපසුබස්නා උත්සාහයත් දැඩි කැප කිරීම්තුත් හමුවේ ශාඛා 9221 ආරම්භ කිරීමට තරම් සමත්වූ මෙම සොහොයුරන් දෙදෙනාගේ වත්කම $16.7 බිලියන වේ. 

04)හැසෝ ප්ලැට්න(ර්)

 SAP AG නම් මෘදුකාංග ආයතනයේ සම-නිර්මාතෘ වරයෙකු වන ප්ලැට්න(ර්) ජර්මන් ජාතිකයෙකි. 2001 වසරේ වැඩිම බලපෑමක් සහිත තොරතුරු තාක්ෂණ ව්‍යාපාරිකයා බවට පත් විය. සන්නිවේදනය හා සමාජීය කටයුතු සඳහාවූ මෘදුකාංග විශාල සංඛ්‍යාවක හිමිකරු වන හැසෝගේ මුලු වත්කම $7.3 බිලියන වේ.

05)බ(ර්)නී එක්ල්ස්ටෝන්.

නොහොත් F1 ප්‍රධානියා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන එක්ල්ස්ටෝන් එංගලන්තයේ කුඩා ධීවර පවුලක ඉපදුනේය. වයස 16දී පාසල් ගමන නතර කරන ඔහු යතුරු පැදි අළුත්වැඩියා කරන්නෙකු ලෙස තම ජීවිකාව අරභයි. යුධ ගැටුම් නිමාවත්ම කොම්ප්ටන් සහ එක්ල්ස්ටෝන් නම් යතුරු පැදි කොටස් විකිණීමේ ව්‍යාපාරයක් ආරම්භකරන එක්ල්ස්ටෝන් ඒ සමගම ෆොර්මියුලා 3 තරඟාවලි සඳහාද සහභාගී වේ. නමුත් හදිසියේ සිදුවූ අනතුරකින් පසු ෆෝර්මියුලා තරඟ සඳහා සමුදෙන එක්ල්ස්ටෝන් තමාගේ ධනය නිශ්චල දේපල වෙළදාම සඳහා යෙදෙව්වේය. 1957 දී සාර්ථක ධාවකයෙකු වූ ස්ටුඅට් ලුවිස් එවන්ස්ගේ කළමනාකරු වූ එක්ල්ස්ටෝන් ධාවන කණ්ඩායම් කිහිපයකම ප්‍රධාන විධායක තනතුර දැරුවේය. මෙම ඉංග්‍රීසි ජාතිකයාගේ වත්කම $4.2 බිලියන වේ.   

06)සර් රිච(ර්)ඩ් බ්‍රැන්සන්

 Virgin ආයතන සමූහයෙහි හිමිකරු වන සර් රිච(ර්)ඩ් බ්‍රැන්සන් ව්‍යවසායකත්වයට නව මුහුනු වරක් ගෙනාවෙකි. ඔහු සතු වූයේ සරල ව්‍යාපාරික ප්‍රතිපත්තියකි. එය නම් හැකිතාක් අඩු මිලට භාණ්ඩ විකිණීමයි. මෙම සරල ප්‍රතිපත්තිය කෙතරම් නම් සාර්ථකවූවා දැයි කිවතොත් අද Virgin ධාවන, Virgin සෞඛ්‍ය බැංකු, Virginගුවන් ප්‍රවාහන සමාගම, Virgin මාධ්‍ය වැනි බොහෝ ආයතන Virgin නම යටතේ පවතී. සර් රිච(ර්)ඩ් බ්‍රැන්සන්ගේ දල වත්කම $4.2 බිලියන වේ. 

07)සේවිය(ර්) නීල් 

 ප්‍රංශ ජාතික ව්‍යාපාරිකයෙකු වන නීල් 1999දී FREE නම් අන්තර්ජාල සේවා සපයන ආයතනය නිර්මාණය කරන අතර දැනට ඔහු lliad නම් ප්‍රංශයේ ප්‍රධානම අන්තර්ජාල සේවා සපයන ආයතනයේ වැඩිම කොටස් ප්‍රමාණයක හිමිකරුවාය. එමෙන්ම ප්‍රංශයේ ප්‍රධාන පුවත්පතක් වන ලෙ-මොන්ඩේ(Le-monde) හි සම අයිතිකරුවකුද වේ. ඔහුගේ ව්‍යාපාරය දැනට රටවල් 18ක ව්‍යාප්තව පවතින අතර ඔහුගේ වත්කම $4.2 බිලියන වේ.

08)ඇන්ඩ්‍රිඅස් වොන් බෙෂ්ටොල්ශීම්

 ඇල්ප්ස් හි කුඩා ගමක උපන් ඇන්ඩ්‍රිඅස් ජ(ර්)මානු ජාතික ව්‍යාපාරිකයෙකි. කුඩා කල සිටම තාක්ෂණ විෂය කෙරේ මහත් ඇල්මක් දක්වූ ඔහු මියුනිච්හි තාක්ෂණ විශ්ව විද්‍යාලයෙන් තම උපාධියද, ස්ටැන්ෆ(ර්)ඩ් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියද ලබා ගත්තේය. ඇන්ඩ්‍රිඅස්ගේ නිර්මාණයක් වූ අතර ඔහු ගූගල්හි පළමු ආයෝජකයෙක් ලෙසද ප්‍රසිද්ධය. ඇන්ඩ්‍රිඅස්ගේ වත්කම $2.3 බිලියන වේ.


09)නික්ලස් සෙන්ස්ට්‍රොම්.

 Skype හි නිර්මාතෘ වන ස්වීඩනයේ මධ්‍යම පන්තික පවුලකට දාව ඉපදුනේය. TELE2 නම් සන්නිවේදන ආයතනයක් වෙනුවෙන් සේවය කල නික්ලස් සෙන්ස්ට්‍රොම් 2001 දී තම මිතුරෙකු සමඟ Kazaa නිර්මාණය කලේය. එය ඔහුගේ ආර්ථික මට්ටම සීඝ්‍රව ඉහල නැංවූ අතර Skype නිර්මාණය කිරීමෙන් පසු ඔහු යුරෝපයේ ධනවත්ම තාක්ෂන ව්‍යාපරිකයන් අතරට එක්වුනි. 2007 දී Skype හි සභාපති ධූරයට පත්වන නික්ලස් සෙන්ස්ට්‍රොම්ගේ වත්කම $1.3 බිලියන වේ.


10)යුරි මිල්න(ර්)

 1961දී උපන් යුරී මිල්න(ර්) දෙමාපියන්ගේ දැඩි පෙරැත්තය මත මොස්කව් විශ්ව විද්‍යාලයට ඇතුලු වී භෞතික විද්‍යාව හැදෑරුවේය. වෝ(ර්)ටෝන් ව්‍යාපාර සඳහාවූ පාසලෙන් 1990දී උපධිය ලබා ගන්න යුරී මිල්න(ර්) 1999දී නෙට්-බ්‍රිජ්(NET-Bridge) සෑදුවේය. මේ යටතේ mail.ru, list.ru ,molotok.ru වැනි වෙබ් අඩවි සෑදූ ඔහු Twitter, Airbnb, Alibaba සහ Spotify යන ආයතන වලද මුදල් ආයෝජනය කර ඇත. මෙම රුසියානු ජාතික ව්‍යාපාරිකයාගේ දල වත්කම $1 බිලියන වේ. 

ඔවුන් දෛවය වෙනස් කලේය. තම දෙමාපියන්ටත් තමාට ආදරය කරන අයටත් තම යුතුකම නොපිරිහෙලා ඉටු කලේය. ජීවිතයේ වටිනාකමද, මිනිසෙකු සතුව පවතින්නාවූ විභවයද ලොවටම පසක් කලේය. ඔව්න් එය කලේ නම් ඒ ලේ මස් වලින්ම සැදි අපට නොහැකි වීමට හේතුවක් කිසිසේත්ම නැත. ඉතින් මේ සාර්ථක වන්නට කාලයයි... දෛවය වෙනස් කරන්නට කාලයයි... තරුණ සිතේ සවිය ලොවටම පෙන්වන කාලයයි... 
Author pic තරිඳු කේ. ජයසිංහ (Tharindu K. Jayasinghe)
සම්මථයට ඔබ්බෙන් වූ රැඩිකල් යෞවනයේ හඬ ලොවට කෑ ගසා කියන්නට නිර්මාණය වූ නරක ළමයි විප්ලවයේ නිර්මාතෘ ඔහුය. සිහින, තමන් කැමති දේ කිරීමට ලැබීම සහ යථාර්තය අතර වූ පවුරු බිදිමින් ඔහු මෙන්ම සම වයසේ පසුවන්නන් සමග සිහින යථාර්තයක් කිරීමට සහ එමගින් අසීමිත සතුට සහ අසීමිත සාර්ථකත්වය ලබා ගැනීම තුලින් ජීවිතය විඳවන නොව විඳින තැනක් බවට පත් කිරීමට වෙහෙස වන තරිඳු මානව සම්බන්ඳතා තම ජීවිතයේ මූලිකම දෙය ලෙස විශ්වාස කරයි.

Popular posts from this blog

ඔබගේ මානසික ශක්තිය වැඩි කරගැනීමට ක්‍රම 5ක් (5 Ways To Increase Your Mental Strength)

මිනිසෙකුගේ මානසික ශක්තිය යනු ඔහුගේ සාර්තකත්වයට,ජීවිතයට විශාල ලෙස බලපාන සාධකයකි.තීරණයක් ගැනීමට,ජීවිතයට මුහුන දීමට සහ හොද නරක තෝරා ගැනීමට අපිට හොද මනසක් තිබිය යුතුයි.ඒ වගේම ප්‍රශ්න වලට මුහුණ දීමට මෙන්ම වැටීම්,නැගීම් අතරින් ඒ මනස නිරවුල්ව තබාගැනීමට මනස ශක්තිමත් විය යුතුයි.   1) ඔබ ඔබේ සිත පාලනය කරගන්න නැතිනම් එය ඔබව පාලනය කරාවි. මූලිකම දේ වෙන්නෙ ඔබේ සිත එය ක්‍රියාත්මක වෙන විදියටම තමයි අපිත් ක්‍රියාත්මක වෙන්නෙ. මෙහි හිත පාලනය කියන්නෙ ඇත්තටම හැමවෙලාවෙම හිත අපිට කරන්න කියන දේවල් නොකර ඉන්න එකයි,උදාහරණයක් විදියට අපි රස කෑමක් දකිනව,එක දැකල අපේ බඩගින්න හොදටම වැඩි වෙනව.හිත අපිට කන්න කන්න කියනව,අවේලාවක් වෙන්න පුලුවන් එත් හිත අපිට කියන නිසා අපිට බඩගින්නක් දනෙන්නව,පලවෙනි දේ හිත පාලනය කරගන්න පුරුදු වෙන්න.එක අදහසක් දෙන්නම් එක දවසක හොද කටට කෙල උනන කෑමක් දැක්කම හිත අපිට කන්න බල කරපු වෙලාවක මෙහෙම තීරණයක් ගන්න, නෑ මන් මගෙ වැඩේ ඉවර වෙලාම කනව,නැත්තම තව පැයකින් කනව කියල,මේ වගෙ ක්‍රම හොයාගන්න,පුරුදු කරන්න. 2) අලුත් අත්දැකීම් වලට ඉඩ දෙන්න.වෙනස් වෙන පරිසරයට හුරු වෙන්න.   සමාන්‍යයෙන්...

සතුටින් ඉන්න ක්‍රම 5ක්...(විද්‍යාත්මකව ඔප්පු කර ඇති ක්‍රම 5කි.)-5 scientifically proven ways to be happy!

සල්ලි මහා ගොඩක් තියෙන සමහර අයටවත් සතුට කියන දේ නෑ. සතුටින් ඉන්න සල්ලිවත් ධනය වත් ඕන නෑ.... ශරීර සෞඛ්‍ය, මානසික සෞඛ්‍ය සහ සමාජීය සෞඛ්‍ය කියන තුන සමබරව පත්වාගෙන යන්න පුළුවන්නන් ඉබේටම සතුට අපි ලඟට ඒවි. සත පහක් අතේ නැති උනත් ගොඩාක් සතුටින් ඉන්න පුළුවන් අපිට.   ඕ...න්න පහල තියෙනව සතුටින් ඉන්න, සතුට වැඩි කරගන්න  පුළුවන් ක්‍රම 5ක්... 1 ක්‍රමය... දවසට අවම වශයෙන් මිනිත්තු 7ක් වත් ව්‍යායාම කිරීම තුලින් ඔබට ලැබෙන්නා වූ ශාරිරික සුවය ඔබගේ මානසික සෞඛ්‍ය කෙරෙහි සෘජුවම බලපාන බව විද්‍යාත්මකව ඔප්පු කර ඇත. ව්‍යායාම කිරීම තුලින් විෂාදය හා ආතතිය විශාල ප්‍රමාණයකින් අවම කර ගත හැකි බව සොයා ගෙන ඇත. 2 ක්‍රමය...   සුව නින්දක් ලැබීම තුලින් දිවා කාලයේ විඩාවට පත් වූ ශාරීරික පත්ධති සඳහා මෙන්ම සිතටද සුවයක් සහ නව ජීවයක් ගෙනේ.ඔබ කරන්නාවූ වැඩ සහ වැඩ ප්‍රමාණය සම්බන්ධයෙන් තෘප්තිමත් වන සිත ඔබ කෙතරම් ඵලදායී පුද්ගලයෙක්දැයි ඔබට වටහාදේවි. ඔබටම ඔබ ගැන ඇතිවන්නාවූ සතුටින් නිබදවම ඔබ සිනහවකින් මුව සරසාගත්තකු වනු ඇති. 3 ක්‍රමය... ඔබගේ දවසින් වැඩිමනක් කාලය ඔබගේ මිතුරන්, ආදරණීයයන් හා පවුලේ අය සමඟ සි...

ඔබේ යාලුවෙක්ට,ඔබ හොද,ඇත්තම යාලුවෙක් වීමට ක්‍රම 6ක් (6 ways to be a true friend to your friends )

“Don’t wait for people to be friendly. Show them how.” ~Unknown යාලුවෙක් (friend කෙනෙක්) කියල කියන්නෙ කාටද? සතුටෙදි ළග ඉන්න,පාරෙදි දැක්කම"හායි මචන්" කියල යන කෙනාටද.නැත්තම් ලොකෙ තියෙන හැම හොද/නරක වැඩේටම ළගට වෙලා ඉන්න කෙනටද.එහෙමත් නැත්තම් "එල මචන්" කියල ෆිට් 1ක් දීල අපි යමන් කියන ඕනම තැනකට පස්සෙන් එන,පස්සෙන් යන ප්‍රශ්නයක් උනාම වචනෙන් හරි "බොක්ක උනත් දෙනව බන්" කියන කෙනාටද. ඔව්,එක අතකට මේ අයගෙන් කෙනෙක් යාලුවෙක් වෙන්නත් පුලුවන්.ඒත් මං අද කතා කරන්නෙ කෙනෙක්ට යාලුවෙක් වෙන්නෙ කොහොමද කියන එක නෙමෙයි ඊට ගොඩක් දුරට සමානකම් තියෙන,ගොඩක් දුරට වෙනස්,හොද යලුවෙක් වෙන්නෙ කොහොමද කියන එකයි. හොද යාලුවෙක් කියන්නෙ කාටද? හොද යලුවෙක් කියන්නෙ සතුටෙදි වගේම දුකේදිත් ලගින්ම ඉන්න,තමන්ගෙ දුකට,වැරැද්දට හිනා නොවී ඒව හදන්න උත්සහ කරන,තමන්ට ගරු කරන අන් අයටත් ගරු කරන අපිට වැරදීමක් උන තැනකදි අපිට guide කරන්න පුලුවන් සත්වයෙකුටයි,විශේෂිතම දේ නම් ඔහු හො ඇය මිනිස් සත්වයෙකුම වීම අත්‍යාවශය නැත.අත්‍යාවශය දේ වන්නේ හොද යාලුකමක් (friendship එකක්) පමණයි. ඔබ තවත් කෙනෙක්ට,හොද යාලුවෙක් වෙන්නෙ ...