දිනක් හසරක් නැතිව ඇවිදමින් සිටි මිනිසෙකුට ශබ්දය ක් ඇසුණි. පළමුව අපැහැදිලි වුවත් ක්‍රමයෙන් ඔහුට එය හොඳින් ඇසෙන්නට ගත් අතර එම ස්ත්‍රී කටහඬ PARTHA! PARTHA! යනුවෙන්කෑ ගසනු ඔහුට ඇසුණි. ජීවිතයට අළුත් ආරම්භයක් ගැනීමට. ගත් ආරම්භය වඩාත් ඵලදායි කර ගැනීමට. ගෙවන ජීවිතයට වඩා වැඩි අර්ථයක් එක් කර ගැනීමට ඇය පැවසූ මෙම ක්‍රමය ඉතා වැදගත් වනු ඇත. සැබැවින්ම PARTHA යනු... P ositive thinking- ධනාත්මක චින්තනය A im- අරමුණ R estrains- හික්මීම T raining- පුහුණුව H ard work- දැඩි කැපවීම A b iding interest- ස්ථිර උනන්දුව Positive thinking- ධනාත්මක චින්තනය සෑම ගසක්ම බීජයකින් හටගන්නේ යම් සේද සෑම සාර්ථක කතාවක්ම ආරම්භ වන්නේද ධනාත්මක චින්තනය නැමැති බීජයෙනි. සාර්ථකත්වය වනාහි මහා ඈතක පවතින්නා වූ දෙයක් නොවේ. එය මේ මොහොතේද ඔබ තුල සැගව පවතී. ගසක් වැඩීමට බීජය අවශ්‍යය යම් සේද, රථයක් පණ ගැන්වීමට ඉන්ධන අවශ්‍යය යම් සේද ඔබ සාර්ථකත්වය කරා යෑමටද ඔබගේ චින්තනයට පණ දිය යුතුය. ඒ සඳහා * සාර්ථක පුද්ගලයන් ඇසුරු කිරීම, * සුභවාදී ආකල්ප ඇති කර ගැනීම, * යහපත් මානුෂීය සබඳතා ඇතිකර ගැනීම, * ඔබගේ සාර්ථ...