සමහරෙක් පැල්පත් වලද, තවකෙක් මධ්‍යම පාන්තික පවුල් වලද ඉපදිනි. නමුත් සිත කීවේ මෙය ඔබේ තැන නොව කියාම බැවින් ඔවුන් දිරි ගත්තේය. පළමු පියවර තැබුවේය, දෙවන පියවරද තැබුවේය, වැරදෙන තැන් හදාගත්තෙය, තෙවන පියවරද තැබුවේය. තමා යන්නේ නිවැරදි මග බව දැනගත් කල තටු විහිදුවේය පැල්පතේ සිටි පොඩි කොල්ලෝ කාලයත් සමග ඔව්න්ට සරදම් කල දෛවයට සරදම් කිරීමට තරම් ශක්තිමත් විය. මේ එවන් දස දෙනෙකි. 01)අ(ර්)මන්සිඕ ඔ(ර්)ටේගා ගඕනා. ස්පාඤ්ඤ ජාතික ව්‍යාපාරික අ(ර්)මන්සිඕ ඔ(ර්)ටේගා ගඕනා Zara, Massimo Dutti, Tempe, Pull, Bear සහ Bershka යන විලාසිතා මැදුරු වල හිමිකරුවාය. 1972 දී ආරම්භ කල ඔහුගේ පළමු ව්‍යාපාරය වූයේ නාන තුවා නිර්මාණය කරන ආයතනයකි. දැනට ගඕනාගේ වත්කම $46.6බිලියන වේ. 02)ඉන්ග්වාර් කම්ප්‍රාඩ් වයස 14දී තම අසල්වාසීන්ට ගිනි කූරු විකිණූ කම්ප්‍රාඩ් තමා ඉපදුනු කුඩා නගරයේ විටක මාළුද විටක නත්තල් සැරසිලිද විටක පෑන් පැන්සල්ද විටක නොයෙක් ඇට ජාතිද විකිණුවේය. ඔහු පාසලේදී දැක්වූ විශිෂ්ට දක්ෂතාවය වෙනුවෙන් ඔහුට පියාගෙන් ලැබුනු මුදල් මෙම කුඩා කොලුවාගේ ජීවිතයම වෙනස් කලේය. එම මුළු මුදලම යොදවා IKEA නම් තමාගේම ව්‍යා...