01) හිරුට පෙර අවදිවන්න... (Wake up before sun.) ඔබ ඉර පෑයීමට පෙර එක් දිනක් අවදි වී බලන්න. වටපිටාව බොහෝ සුන්දරය. තවම බොහෝ දෙනෙක් අවදි වී නොමැත. ඔබට ඔබ අන් අයට වඩා විශේෂ බවත් ඔබ අන් අයට වඩා ඉදිරියෙන් බවත් දැනේවි. සාර්ථක උදෑසනක් සාර්ථක දවසක් ඔබට ප්‍රදානය කරනු ඇත. 02) විනාඩි 7ක් ව්‍යායාම කරන්න... (Exercise 7 minutes a day.) ව්‍යායාම කිරීමට බොහෝ වේලා ගෙන ඔබේ දවසම වෙහෙසකර කර නොගෙන ඉතා සරල හා සැහැල්ලු ඔබට නිරන්තරයෙන් කළ හැකි ව්‍යායාම කිහිපයක් තෝරාගෙන සෑමදාම පුරුද්දක් ලෙස එම ව්‍යායාමය කිරීම ආරම්භ කරන්න. වඩා සාර්ථක දවසක් උදෙසා ඔබගේ දවසින් විනාඩි 7ක් කැපකිරීමට පුරුදු වන්න. 03) උදෑසන ආහාරය ඉතා වැදගත්... (Breakfast is a must.) හැකි සෑම විටම ස්වභාවික දෙයක් ආහාරයට ගැනීමට හුරුවන්න. නින්දෙන් පසු ඔබගේ සිරුරට ශක්තිය අවශ්‍යයි, එබැවින් පෝෂ්‍යදායී ආහාරයක් ගන්නා. සෑමදාම නිශ්චිත වේලාවකට අහාර ගැනීමට හුරුවෙන්න. උදෑසන ආහාරයට මස්, මාළු ගැනීමෙන් වලකින්න. පැහැදිලි මනසකින් යුක්තව අහාර ගන්න. කුස පිරෙන තරම් නොව, කුසට සැහැල්ලුවක් දැනෙන තරමට ආහාර ගෙන ශක්තිමත්ව දවසට මුහුණ දෙන්න. 04) විනාඩි 5ක...
ඔබේ ආදායම වැඩි කර ගෙන ජීවිතය සාර්ථක ගත හැකි ක්‍රම 8ක්... (8 ways to increase your income and make your life
ලැබෙන අදායම මදිද? තාම අම්මලගෙ සල්ලි වලින්ද ජීවත් වෙන්නේ? සල්ලි නිසාම ප්‍රශ්ණ වලින් ජීවිතේ පිරිලද? එහෙනං නිකමට ටික වෙලාවක් අරන් කියවන්න. 01) ඔබ සෑමදාම කරන දෙය කිරීම නවත්වන්න.(Stop doing what you are doing.) ඔබට ආදායම වැඩි කරගැනීමට අවශ්‍ය යැයි සිතෙන්නේ ඔබට දැනට ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවන නිසාය. ඉතින් ඔබ දැනට කරන දෙය එලෙසම කරගෙන යෑමෙන් ඇති ඵලය කිම. එනිසා ඔබ කරන දෙය නවතා අළුත් යමක් කරන්න, නැතිනම් දැනට කරන දෙය නව ආරකින් කරන්න. ඔබ එකම තැන සිට එකම ලෙසකට ගලක් උඩට විසිකරන ගමන් එය වෙනස් තැනකට වැටේවි සිතන්නේ නම් ඔබ වැන්නෙකුට කියන නම උන්මන්තකයා හැර වෙන කුමක්ද. 02)දැනට ඔබ සතුව ඇති මුදලට ඔබව තීරණය කිරීමට ඉඩ නොදෙන්න.(Don't let money decide you and your success) ඔබ ණය බරින් මිරිකී සිටින්නකු විය හැකිය, නැතිනම් බැංකු පොතේ ලක්ෂ ගණන් මුදල් ඇත්තකු විය හැකිය, ඔබ කවුරුන් වුවත් දැනට ඔබ සතුව ඇති මුදලට ඔබ තුල ඇති විභවය හෝ ඔබ හෙට ලබාගන්නා සාර්ථකත්වය හෝ තීරණය කල නොහැකිය. ඔබ යන මඟ දනීනම්, ඔබට ඔබ ගැන විශ්වාස නම් ඔබේ සාර්ථකත්වය හා දැනට ඔබේ වත්කම් අතර කිසිඳු සාධණීය සබඳතාවයක් නැත. එනිසා කිසිවිටක...