Skip to main content

ලෝකය දහසක් දේ පවසාවි,එහෙත් ඔබෙ හදවත පවසන දේ කරන්න (Follow your heart.)


ලෝකය අපි හිතනවට වඩා විශාලයි.තරගකාරී.මේ තරගකාරී සුවිසල් ලෝකය කොතරම් විශාල වූවත් අපිට හිනාවෙන්නත්,අපි වෙනුවෙන් අඩන්නත්,
අපි වෙනුවෙන් බලා සිටින්නත්,අපි දිහා බලන් ඉන්නත් ඕනැතරම් මිනිසුන් ඉන්නව.

                                 ප්‍රතිශතයක් විදියට ගත්තම වැඩි ප්‍රතිශතයක් ඉන්නේ අපි දිහ බලන් ඉන්න අය,අපි කරන වැඩ,අපේ සිතුවිලි විවේචනය කරන්න බලන් ඉන්න අය,අපේ වැඩ දිහ බලල හින වෙන අය.
අයිතියක් නැති උනත් එය සිද්ද වෙනව.ඉස්සරහටත් වෙවි.ඒ දේවල් නවත්වන්න අපිටද අයිතියක් නැ.ඒක නිසා අපි දැනගන්න ඕන ඒ දෙවල් වලට නොසැලී ඉන්න.මේ ගැන කෙටි කතාවකින් පහැදිලි
කරන්නම්.

මෙය විශේෂයෙන්ම අනිත් අයගේ කතා නිසා දුක් වෙන,අඩන හා තමන්ගෙ වැඩ නවත්තල,හිතින් වැටිල ඉන්න අයටයි...

පළමු දවස

දවසක් මිනිහෙක් එයාගෙ wife එක්ක බුරුවෙක්ගෙ පිටෙ නැගල තමන්ගෙ වෙලදාම් කටයුතු වලට යන අතරෙ ගමේ හිටපු මිනිස්සු දෙන්නෙක් මෙහෙම කිව්වලු.
"අර බලහං අසත්පුරුශ පවුලක්,ගෑනියි මිනිහයි දෙන්නම එක බුරුව පිටේ නගල යනව,පව් අහිංසක සතා"කියල

                                                   

                                           දෙවන දවස

දෙවෙනි දවස ඒ මිනිහ බුරුව පිටේ නැග බිරියව පයින් ඔහු පසුපසින් පමිනෙන ලෙස පවසා වෙලදාම් සදහා පිටත් උනා.
එදත් අර මිනිස්සු දෙන්න මෙ සිද්දිය දැකල කියනව "බං අර බලහං අත්මර්ථකාමියෙක් ගැනි පයින් යනකොට මිනිහා බුරුව
පිටේ යනව" කියල

 

තෙවන දවස

 තුන්වෙනි දවස ගෑනි බුරුව පිටේ යවල මිනිහ පයින්ම වෙලඩමට පිටත් උනා,මේක දැකපු අර මිනිස්සු දෙන්න අද කියනව
"අන්න බලපන් බයගුල්ලෙක්..ගෑනිට බුරුව පිටේ යන්න දීල මිනිහ පයින්ම යනව"කියල

 

                                                    

                                           සිව්වන දවස

 හතර වෙනි දවසෙ මිනිහයි,ගෑනියි දෙන්නම බූරුව න්කං යවල ඔවුන් පඉන් යෑමට පිටත් උනා,
මෙක දැකපු අර මිනිස්සු දෙන්න අද කියනව"අන්න බලහං මෝඩයෙක්,ඌ බූරුවගෙ පිටේ යන්නවත් දන්නෙ නැ"කියල

                                                                                                                                                                                                           ලෝකය දහසක් දේ පවසාවි,එහෙත් ඔබෙ හදවත පවසන දේ කරන්න...

 ඔබේ හදවතට දැනුන දේ නරක,අන් අයට පීඩා වෙන ආකාරයේ සිතුවිල්ලක් නම්,අන් අය කුමක් කීවත් එය ක්‍රියාත්මක නොකර සිටීමට පියවර ගැනීම ඔබේ වගකීමකි....


Author pic නෙලංක රන්සර(Nelanka ransara)
ධනාත්මක චින්තනය(Positive thinking) සහ පුද්ගල අභිප්‍රේරණය(Motivation) ගැන ඉතා උනන්දුවක් දක්වන නෙලංක රන්සර ජීවිතයේ පුද්ගලයන් මුහුනදෙන බොහෝ ප්‍රශ්න හා ගැටළු ඉතා සරල හා පහසුවෙන් නිරාකරණය කිරීම සම්බන්ධයෙන්ද බොහෝ ප්‍රායෝගික අත්දැකීම් ඇත්තෙකි. ජීවිතය සැහැල්ලුවෙන් හා විනෝදයෙන් ගත කිරීමට කැමති ඔහු එම සරල බව හා විනෝදකාමී බව තුලින් ජීවිතය වඩා සාර්ථක මට්ටමකට ගෙන එන්නේ කෙසේද යන්න ගැන නිරන්තරයෙන් තරුණ තරුණියන් දැනුවත් කරමින් සිටි.

Popular posts from this blog

ඔබගේ මානසික ශක්තිය වැඩි කරගැනීමට ක්‍රම 5ක් (5 Ways To Increase Your Mental Strength)

මිනිසෙකුගේ මානසික ශක්තිය යනු ඔහුගේ සාර්තකත්වයට,ජීවිතයට විශාල ලෙස බලපාන සාධකයකි.තීරණයක් ගැනීමට,ජීවිතයට මුහුන දීමට සහ හොද නරක තෝරා ගැනීමට අපිට හොද මනසක් තිබිය යුතුයි.ඒ වගේම ප්‍රශ්න වලට මුහුණ දීමට මෙන්ම වැටීම්,නැගීම් අතරින් ඒ මනස නිරවුල්ව තබාගැනීමට මනස ශක්තිමත් විය යුතුයි.   1) ඔබ ඔබේ සිත පාලනය කරගන්න නැතිනම් එය ඔබව පාලනය කරාවි. මූලිකම දේ වෙන්නෙ ඔබේ සිත එය ක්‍රියාත්මක වෙන විදියටම තමයි අපිත් ක්‍රියාත්මක වෙන්නෙ. මෙහි හිත පාලනය කියන්නෙ ඇත්තටම හැමවෙලාවෙම හිත අපිට කරන්න කියන දේවල් නොකර ඉන්න එකයි,උදාහරණයක් විදියට අපි රස කෑමක් දකිනව,එක දැකල අපේ බඩගින්න හොදටම වැඩි වෙනව.හිත අපිට කන්න කන්න කියනව,අවේලාවක් වෙන්න පුලුවන් එත් හිත අපිට කියන නිසා අපිට බඩගින්නක් දනෙන්නව,පලවෙනි දේ හිත පාලනය කරගන්න පුරුදු වෙන්න.එක අදහසක් දෙන්නම් එක දවසක හොද කටට කෙල උනන කෑමක් දැක්කම හිත අපිට කන්න බල කරපු වෙලාවක මෙහෙම තීරණයක් ගන්න, නෑ මන් මගෙ වැඩේ ඉවර වෙලාම කනව,නැත්තම තව පැයකින් කනව කියල,මේ වගෙ ක්‍රම හොයාගන්න,පුරුදු කරන්න. 2) අලුත් අත්දැකීම් වලට ඉඩ දෙන්න.වෙනස් වෙන පරිසරයට හුරු වෙන්න.   සමාන්‍යයෙන්...

සතුටින් ඉන්න ක්‍රම 5ක්...(විද්‍යාත්මකව ඔප්පු කර ඇති ක්‍රම 5කි.)-5 scientifically proven ways to be happy!

සල්ලි මහා ගොඩක් තියෙන සමහර අයටවත් සතුට කියන දේ නෑ. සතුටින් ඉන්න සල්ලිවත් ධනය වත් ඕන නෑ.... ශරීර සෞඛ්‍ය, මානසික සෞඛ්‍ය සහ සමාජීය සෞඛ්‍ය කියන තුන සමබරව පත්වාගෙන යන්න පුළුවන්නන් ඉබේටම සතුට අපි ලඟට ඒවි. සත පහක් අතේ නැති උනත් ගොඩාක් සතුටින් ඉන්න පුළුවන් අපිට.   ඕ...න්න පහල තියෙනව සතුටින් ඉන්න, සතුට වැඩි කරගන්න  පුළුවන් ක්‍රම 5ක්... 1 ක්‍රමය... දවසට අවම වශයෙන් මිනිත්තු 7ක් වත් ව්‍යායාම කිරීම තුලින් ඔබට ලැබෙන්නා වූ ශාරිරික සුවය ඔබගේ මානසික සෞඛ්‍ය කෙරෙහි සෘජුවම බලපාන බව විද්‍යාත්මකව ඔප්පු කර ඇත. ව්‍යායාම කිරීම තුලින් විෂාදය හා ආතතිය විශාල ප්‍රමාණයකින් අවම කර ගත හැකි බව සොයා ගෙන ඇත. 2 ක්‍රමය...   සුව නින්දක් ලැබීම තුලින් දිවා කාලයේ විඩාවට පත් වූ ශාරීරික පත්ධති සඳහා මෙන්ම සිතටද සුවයක් සහ නව ජීවයක් ගෙනේ.ඔබ කරන්නාවූ වැඩ සහ වැඩ ප්‍රමාණය සම්බන්ධයෙන් තෘප්තිමත් වන සිත ඔබ කෙතරම් ඵලදායී පුද්ගලයෙක්දැයි ඔබට වටහාදේවි. ඔබටම ඔබ ගැන ඇතිවන්නාවූ සතුටින් නිබදවම ඔබ සිනහවකින් මුව සරසාගත්තකු වනු ඇති. 3 ක්‍රමය... ඔබගේ දවසින් වැඩිමනක් කාලය ඔබගේ මිතුරන්, ආදරණීයයන් හා පවුලේ අය සමඟ සි...

ඔබේ යාලුවෙක්ට,ඔබ හොද,ඇත්තම යාලුවෙක් වීමට ක්‍රම 6ක් (6 ways to be a true friend to your friends )

“Don’t wait for people to be friendly. Show them how.” ~Unknown යාලුවෙක් (friend කෙනෙක්) කියල කියන්නෙ කාටද? සතුටෙදි ළග ඉන්න,පාරෙදි දැක්කම"හායි මචන්" කියල යන කෙනාටද.නැත්තම් ලොකෙ තියෙන හැම හොද/නරක වැඩේටම ළගට වෙලා ඉන්න කෙනටද.එහෙමත් නැත්තම් "එල මචන්" කියල ෆිට් 1ක් දීල අපි යමන් කියන ඕනම තැනකට පස්සෙන් එන,පස්සෙන් යන ප්‍රශ්නයක් උනාම වචනෙන් හරි "බොක්ක උනත් දෙනව බන්" කියන කෙනාටද. ඔව්,එක අතකට මේ අයගෙන් කෙනෙක් යාලුවෙක් වෙන්නත් පුලුවන්.ඒත් මං අද කතා කරන්නෙ කෙනෙක්ට යාලුවෙක් වෙන්නෙ කොහොමද කියන එක නෙමෙයි ඊට ගොඩක් දුරට සමානකම් තියෙන,ගොඩක් දුරට වෙනස්,හොද යලුවෙක් වෙන්නෙ කොහොමද කියන එකයි. හොද යාලුවෙක් කියන්නෙ කාටද? හොද යලුවෙක් කියන්නෙ සතුටෙදි වගේම දුකේදිත් ලගින්ම ඉන්න,තමන්ගෙ දුකට,වැරැද්දට හිනා නොවී ඒව හදන්න උත්සහ කරන,තමන්ට ගරු කරන අන් අයටත් ගරු කරන අපිට වැරදීමක් උන තැනකදි අපිට guide කරන්න පුලුවන් සත්වයෙකුටයි,විශේෂිතම දේ නම් ඔහු හො ඇය මිනිස් සත්වයෙකුම වීම අත්‍යාවශය නැත.අත්‍යාවශය දේ වන්නේ හොද යාලුකමක් (friendship එකක්) පමණයි. ඔබ තවත් කෙනෙක්ට,හොද යාලුවෙක් වෙන්නෙ ...