Skip to main content

Posts

Showing posts from August, 2014

සාමකාමී,සරල ජීවිතයක් ගතකිරීම සදහා පහසු ක්‍රම 8ක් (8 simple ways to spend a peaceful,simple life)

අපිට අපෙ ජීවිතෙ කෙලවර වෙන්න කලින් ඉවර කරගන්න,සැබෑවක් කරගන්න කොච්චර නම් අරමුණු තියෙනවද,හීන තියෙනවද,ඒව ඉටු කරගන්න අපි කොච්චරනම් මහන්සි වෙනවද,එ අතරතුරෙ අපිට කොච්චරනම් ප්‍රශ්න එනවද,ඒ ප්‍රශ්න විසදගන්න අපි කොච්චරනම් මහන්සි වෙනවද,උත්තර හොයනවද,මෙක තමයි අපේ ජීවිත කතාව,වර්තමාන මනුස්සයෙක්ගෙ ඇත්තම ජීවිත කතාව,මේ වර්තමන,තරගකාරී හීන ලෝකෙ අතුලෙ අපිට කොච්චරනම් දෙවල් නැති වෙල ඇත්ද,දැනටමත් නැති වෙමින් පවතිනවද.එයින් එකක් තමයි අපේ ජීවිතෙ සරල,සැහැල්ලුකම.මෙම ක්‍රම අට,සරල,සැහැල්ලුකම නැවත පතන සහ සොයා යන ඔබටයි, 1) ඔබේ ඇතුලතින් අති සාමය,සරල බව සොයා ගන්න .ඔබේ හිතට කැමති,ඔබට අවශ්‍ය සරල බව ඔබ තේරුම් ගන්න.ඒ අනුව ක්‍රියාත්මක වෙන්න. 2) ප්‍රශ්න ගැන ප්‍රශ්නයේ ප්‍රමාණයටත් වඩා ඉහලින් හිතන එක නවත්වන්න.ප්‍රශ්න ගැන පුලුවන් තරම් සැහල්ලුවෙන් හිතන්න ,හැමදේම හොදට යන වග මතක තියාගන්න 3) ඔබේ දරාගැනීමේ හැකියාව දියුණුකරන්න .ඕනැම තත්වයක් යටතේ වුවත් සතුටින් සිනාසී ඒවාට මුහුණ දීමට,දරාගැනීමට හැකියාවක් තිබිය යුතුයි. 4) සාමකාමී ගතිගුණ දියුණු කරන්න .ඔබ කලහකාරී,කුකුල් කේන්තිකරයෙක් නම් ඔබට සාම...

සතුටින් ඉන්න ක්‍රම 5ක්...(විද්‍යාත්මකව ඔප්පු කර ඇති ක්‍රම 5කි.)-5 scientifically proven ways to be happy!

සල්ලි මහා ගොඩක් තියෙන සමහර අයටවත් සතුට කියන දේ නෑ. සතුටින් ඉන්න සල්ලිවත් ධනය වත් ඕන නෑ.... ශරීර සෞඛ්‍ය, මානසික සෞඛ්‍ය සහ සමාජීය සෞඛ්‍ය කියන තුන සමබරව පත්වාගෙන යන්න පුළුවන්නන් ඉබේටම සතුට අපි ලඟට ඒවි. සත පහක් අතේ නැති උනත් ගොඩාක් සතුටින් ඉන්න පුළුවන් අපිට.   ඕ...න්න පහල තියෙනව සතුටින් ඉන්න, සතුට වැඩි කරගන්න  පුළුවන් ක්‍රම 5ක්... 1 ක්‍රමය... දවසට අවම වශයෙන් මිනිත්තු 7ක් වත් ව්‍යායාම කිරීම තුලින් ඔබට ලැබෙන්නා වූ ශාරිරික සුවය ඔබගේ මානසික සෞඛ්‍ය කෙරෙහි සෘජුවම බලපාන බව විද්‍යාත්මකව ඔප්පු කර ඇත. ව්‍යායාම කිරීම තුලින් විෂාදය හා ආතතිය විශාල ප්‍රමාණයකින් අවම කර ගත හැකි බව සොයා ගෙන ඇත. 2 ක්‍රමය...   සුව නින්දක් ලැබීම තුලින් දිවා කාලයේ විඩාවට පත් වූ ශාරීරික පත්ධති සඳහා මෙන්ම සිතටද සුවයක් සහ නව ජීවයක් ගෙනේ.ඔබ කරන්නාවූ වැඩ සහ වැඩ ප්‍රමාණය සම්බන්ධයෙන් තෘප්තිමත් වන සිත ඔබ කෙතරම් ඵලදායී පුද්ගලයෙක්දැයි ඔබට වටහාදේවි. ඔබටම ඔබ ගැන ඇතිවන්නාවූ සතුටින් නිබදවම ඔබ සිනහවකින් මුව සරසාගත්තකු වනු ඇති. 3 ක්‍රමය... ඔබගේ දවසින් වැඩිමනක් කාලය ඔබගේ මිතුරන්, ආදරණීයයන් හා පවුලේ අය සමඟ සි...

විභාග අසමත් හැමෝම කියවිය යුතුමයි... (Everyone who failed exam must read...)

O/L වේවා A/Lවේවා මේ මොක උනත් විභාගේ සමත් වෙන අය හිනාවෙනවා... අනිත් අය කරගන්න දෙයක් නැතුව, අම්මල තාත්තලට මූන දෙන්න ව්හිදියක් නැතිව බලාගත්තු අතේ බලන් ඉන්නවා. නැත්තන් එතැනින්ම තමන්ගෙ ජීවිතේ ඉවර උනා වගේ ජීවිතේ තියෙන සතුට, ජීවිතේ ඉතිරි හැමදේම නැති උනා වගෙ ඉන්නව. ඔය වෙලාවට දැනෙන්නෙ නිකන් ලෝකේ ඉන්න එකම මනුස්සය ඔයා වගේ... හරි මේ කොහොම උනත් මම නං කියන්නෙ විභාගේ ෆේල් කියල හිතමුකො... හරි කමක් නෑ. ඒ  උනාට අපේ ගොඩාක් වටින ජීවිතේ නිකන් ඔහේ ගෙවිල යන්න දෙන්න ඕනේ නෑ... ඔයා දැන් ඔය හිතන විදියට හිතුවනං කවදාවත් ලංකාවේ නවලෝක සමූහ ව්‍යාපාරය වත්, දයාවංශ ජයකොඩි සමාගම වගේ සමාගමක් වත්, ඩීජී ෆැෂන් වගේ එකක් වත් මේ වගේ කිව්ව නොකිව්ව මොකවත්ම හැදෙන්නේ නෑ.  මේ කවුරුවත් උපාධි ගත්ත අය වත් උසස් පෙල සමත් වෙච්ච අය වත් නෙමෙයි. එයාල තමන් ගැන විශ්වාස කරපු අය. පොඩ්ඩක් හිතල බලන්න එයාලගෙයි ඔයාගෙයි තියෙන වෙනස්කම් මොනවද කියලා. අම්මල තාත්තල අත පය නොකඩ හරියට හදල තියෙනව. පුළුවන් විදියට හොඳම දේ අරන් දීල තියෙනව.එයාලට වගේම ඔයාටත් හොදට දැනෙනව, ඇහෙනව හැමදේම ඔයා ලඟ තියෙනවා. එතකොට දැන් මොකද්ද නැත්තෙ??? මට නං හිතෙන්...

පසුතැවීම් වලින් තොරව ජීවත් වීමට ක්‍රම 10ක් (10 ways to Live Life Without Regrets)

බහුතරයක් මිනිසුන් කියන කතාවක් තමයි අපරදෙ මෙහෙම උනෙ,මෙහෙම උනනම් හොදයි,හරම උනනම් හොදයි,මෙහෙම කරන්න තිබුනනම් හොදයි කියල,මේ අතරෙ සමහරක් අය කමක් නෑ වෙන මොනව කරන්නද කියල දුකෙන්ම තමන්ගෙ හිත හදාගන්නව, ඇයි මෙහෙම දුක්වෙන්නත්, පසුතවෙන්නත් වෙන්නෙ ,මේ හැමදෙයක්ම අපි අතීතෙ කරපු දෙයක් නිස,අපි අතීතෙ ගතපු තීරනයක් නිසයි,එ decisions අපි හරියට ගත්තනම් කවදාවත් අපිට පසුතැවෙන්න වෙන්නෙ නෑ,අතීතෙ ගැන පසුතැවෙන්නෙ නැතුව තීරන ගන්න,අපි අපෙ ජීවිතෙට එකතු කරගන්න ඕන විශේෂම කරුනු10කි.   1) තෙරුම්ගන්න mistakes වෙන එක ඒ තරම් ගැටලුවක් නොවේ.ඒත් mistake එකක් උනාම ඒක තවත් නොවෙන්න වග බලාගන්න.,( වැරදි කිරීම මිනිස් ගතියකි.ඒත් සමාව දීම දේව ගතියක්) 2) අනිත් අය කරන්න කියන දේ නෙමේයි,තමන්ගෙම කියල අන්‍යන්යතාවයක්,මාර්ගයක් හදාගන්න. 3) ගොඩක්ම ගොඩක් relax වෙන්න,වෙනස්වීම් වලට බය නොවී ජීවිතය යන රටාවට ඔබත් යන්න. ( Be unafraid of change .) 4) අලුත් දේවල් අත්හදා බලා සහ Life එකේ අවදානම් තැන්  වලට මුහුණ දී උද්වේගකාරී වන්න. ( Do not be afraid of risks ) 5) තමන් කරන දේවල් ගැන,තමන්ගෙ තීරණ ගැන ඔබම ඔබෙන් ප්‍රශ්න ක...

ධනාත්මකව සිතීමට පුරුදු වීමට ක්‍රම 5ක්... (5 easy ways to start thinking positively)

ඔබ ධනාත්මක පුද්ගලයෙක් කියා ඔබට සිතේ නම් මේ ප්‍රශ්න,ඔබෙන්ම අසන්න. 1 ඔබ උද්යෝගිමත් පුද්ගලයෙක්ද? 2 ඔබ තමා ගැන විශ්වාස කරනවද? 3 ඔබ ඔබගෙ අදහස් වලට ගරු කරන කෙනෙක්ද? 4 ඔබ අභියෝග වලට මුහුණ දීමට කැමති කෙනෙක්ද? 5 ඔබ සමාජයේ කැපී පෙනෙන චරිතයක්ද? මේවාට උත්තරය "ඔව්" නම් ඇත්තෙන්ම ඔබ ධනාත්මක පුද්ගලයෙක්. එහෙත් ඔබේ පිලිතුර "නැත" නම් ඔබ ධානාත්මක පුද්ගලයෙක්ද යන වග ඔබට දෙපාරක් සිතීම්ට සිදුවේ. ඔබ ධනාත්මකව සිතන කෙනෙක් නොවේ නම් ඔබ එසේ සිතීමට පුරුදු විය යුතුයි.මොකද ඔබ ඍනාත්මක වෙන තරමට ඔබට ජීව්ත් වීම අපහසු වෙනව.ඔබ ජිවිතයට මුහුණ දෙන්න බ්ය වෙනව,ඔබටත් නොදැනීම ඔබ හුදකලා ගුප්ත චරිතයක් වීමට ඉඩ තියෙනව. මෙම ක්‍රම පහ මගින් ඔබ ඍනාත්මක පුද්ගලයෙක් නම් ඔබට ධනාත්මක වීමට හුරු කරවයි,මෙය කියවන සැනින් එය කිරීමට අපහසුයි.එහෙත් දිනෙන් දින එය පුරුදු කරන්න.ඔබට ඍනාත්මක සිතිවිල්ලක් එන හැමවෙලවකම මෙය මතකයට ගෙන හිතට පුරුදු කරන්න.ටිකෙන් ටික එය ඔබට පුරුද්දක් වී,ක්‍රම ක්‍රමයෙන් ඔබ ධනාත්මක පුද්ගලයෙකු වෙනව සහතිකයි. 1)  දෙයක් කරන්න පුලුවන්ද බැරිද කියල හිතන්න කලින් එක කරන විදියක් ගැන හිතන්නඒක ...